Free Photography E-Books

නොමිලයේ බාගත කරගත හැකි ඡායා රූප කරන පොත්පත් – 1


Free Photography E-Books- 1

ඡායා රූප කරනය හෝ වෙනත් ඔනෑම විශයක් ප්‍රගුන කිරීම සදහා ඒ පිලිබදව ලියවුන පොත පත කියවීම ඉතා හොද ක්‍රමයක් වේ. ඡායා රූප කරනය පිලිබදව ලියවුනු පොත් පත් බොහෝ ප්‍රමානයක් ඇති අතර අද මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ ඡායා රූප කරනය පිලිබදව ඉංග්‍රීසි බසින් ලියවුනු පොත් පත් කිහිපයක්‍ ය. එමෙන්ම මෙහි පෙන්වා දෙන පොත්පත් සියල්ලම නොමිලයේම ඔබට බාගත කරගත හැකි අතර ඔබට මෙම පොත්පත් තුලින් විශාල දැනුමක් ලබාගත හැකි වනු ඇත.

කුඩා අවවාදයක්: ඡායා රූප කරනය පිලිබදව පමනක් නොව වෙනත් ඔනෑම විෂයක් හැදෑරීමේදී ඒම විෂය පිලිබදව ඉංග්‍රීසි බසින් ලියවුන පොත් පත් ඔබ කියවන්නට හුරු වන්නේ නම් විශාල දැනුමක් ඔබට ලබාගත හැකිය. එයට හේතුව සිංහල භාෂාවට වඩා ඉංග්‍රීසි බසින් අදාල විෂය පිලිබදව පොත් විශාල ප්‍රමානයක් ලියවී තිබීමේ ප්‍රවනතාවය ඉතා ඉහල බැවිනි.

field-guide_national-geographicUltimate Field Guide to Photography, by National Geographic 

National Geographic ඡායා රූප ඔබ දැක ඇත්නම්, ඔබටත් එම ඡායා රූප ශිල්පීන් ගේ උපක්‍රම සහ ක්‍රම ඉගෙන ගැනීමට කැමතින මෙන්න හොදම අවස්තාවක්.

 


Going Candid, by Thomas LeuthardGoing Candid, by Thomas Leuthard

වීදි ඡායා රූප කරනය පිලිබදව ලියවුන මෙම පොත තුලින් මෙම පොතෙහි කතෘ වන Thomas Leuthard ගේ අත්දැකීම තුලින් වීදි ඡායා රූප කාරනය පිලිබදව ඔබටද බොහෝ දැ ඉගෙන ගත හැකිය.

 


essays-on-inspiration-vision-and-creativity-in-photography-by-scott-bourneEssays on Inspiration, Vision and Creativity in Photography, by Scott Bourne

මෙම පොත Scott Bourne ගේ ඡායා රූප කරනය පිලිබදව ලියවුන රචනාවක් තුලින් නිර්මානය වූ පොතකි. මෙය කතන්දරයක් ලෙස ලියා ඇති බැවින් නවකයන්ට උවද කිසිදු ගැටලුවකින් තොරව මෙම පොත පුරා විසිරී ඇති උපදෙස් සහ කරුනු ඉතා පහසුවෙන් ඉගෙන ගත හැකිය.


insights-from-beyond-the-lens-by-robert-rodriguez-jrInsights from Beyond the Lens, by Robert Rodriguez Jr

භූ ඡායා රූප කරනය පිලිබදව ලියවුන මෙම පොත තුලින් ඔබට අව්ශ්‍ය කරන ආම්පන්නයන් ගේ සිට ඔනෑම ආලෝක තත්වයන් යටතේ උවද භූ ඡාය රූප ගැනීමේ ක්‍රම පිලිබදව හොද අවබෝධයක් ලබා ගත හැකිය.

 


good-photos-in-bad-lightGood Photos in Bad Light, by Darwin Wiggett

ඔබගේ ඡායා රූප කොපමන ප්‍රමානයක් අයහපත් ආලෝක තත්වයන් නිසා අපතේ ගොස් තිබේද? අයහපත් ආලෝක තත්වයන් ඔබගේ ඡායා රූප සදහාත් ගැටලුවක් නම් මෙම පොත ඔබට විශාල උපකාරයක් වනු ඇත.


මෙම නොමිලයේ බාගත කරගත හැකි පොත් පත් 5 තුලින් ඔබට යම් දැනුමක් ලබාගත හැකි අතර ඡායා රූප කරනයේ තවත් ඉදිරියට වෘත්තීය තත්වයක් කරා යාම සදහා උපකාරීවන තවත් පොත්පත් රැසක් මෙම අඩවියේ පොත්පත් පිටුව තුලින් ලබා ගත හැකිය. එබැවින් ඡායා රූප කරනය පිලිබද ඉහල දැනුමකින් යුත් අති දක්ශ ඡායා රූප ශිල්පියෙකු වීම සදහා හැකිතාක් දැනුම එක් කරගන්න.

Leave a comment

Your email address will not be published. Required fields are marked *