understanding-your-camera

ඔබගේ කැමරාව තේරුම් ගැනීම 1


Understanding Your Camera

ඔබගේ කැමරාව හොදින් හදුනාගෙන සිටීම ඡායාරූප ශිල්පියෙකු ලෙස අත්‍යවශ්‍ය කරුනකි. Understanding Your Camera අවශ්‍ය ඔනෑම අවස්ථාවක පහසුවෙන්ම කැමරාවේ පාලකයන් තුලින් ඔබට අවශ්‍ය ඡායාරූපය ගැනීමට කැමරාවේ අත්පොත වෙත නොගොස් හැකිවීම සදහා ඔබ මතක තබා ගත යුතු ප්‍රධාන පාලකයන් පිලිබදව අද අපි ඉගෙන ගනිමු.

මේ සදහා මුලින්ම අපි කැමරාවේ ප්‍රධාන කොටස් හදුනා ගනිමු

කැමරාවේ ප්‍රධාන කොටස්

camera-parts

  1. ෂටර් බොත්තම
  2. ඡායා රූප ගැනීමේ ක්‍රම තෝරා ගැනීමට ඇති ඩයලය
  3. ෆ්ලෑෂය
  4. කැමරා කාචය
  5. කාචයේ විවරය
  6. කාචය නිදහස් කරනයcamera-parts-2
  7. දර්ශන දැක්මට ඇති ස්ථානය
  8. අමතර ෆ්ලෑෂයන් සවි කරන ස්ථානය
  9. සුදු පැහැය සමතුලිත කිරීම සදහා ඇති බොත්තම
  10. LCD දර්ශන තිරය
  11. මතකය ගබඩා කරනය ඇති ස්ථානය
  12. බැටරිය ඇති ස්ථානය

රූප සංවේදකය Image Sensor

image-sensors

කැමරා කරනයේ මුල් කාලයේ ඡායා රූප ගත කිරීම සහ ගබඩා කිරීම සිදු කරනු ලැබුවේ වීදුරු තහඩු තුල සහ සේයාපටලයන් තුලය, නමුත් අද කාලයේ ඒ සදහා යොදා ගන්නේ රූප සංවේදකය නම් ඉතා සියුම සහ සංකීර්න විද්‍යුත් උපාංගයකි.

මෙම රූප සංවේදකය නිර්මානය කර ඇත්තේ අලෝකයට සංවේදී අර්ධ සන්නායක මිලියනයක් පමන අනු පිලිවලකට එක් කරය. මේම සංවේදක එකින් එක කාචය තුලින් සහ කාච විවරය තුලින් පැමිනෙන ආලෝකය සංඛයාත්මක වශයෙන් ගබඩා කර ගනිමින් අපට අවශ්‍ය චායා රූපය නිර්මානය කරයි.

මෙම අලෝකයට සංවේදී අර්ධ සන්නායක ප්‍රමානය වැඩි වන තරමට රූපයෙ ගුනාත්මක බාවය වැඩිවන අතර මෙම සංවේදක පික්සල් නමින් හදුන්වයි. ඔබ මෙගා පික්සල් යන්න අසා ඇතුවාට කිසි සැකයක් නැත, එසේනම් මෙගා පික්සල් එකක් යනු මෙම සංවේදක නැතහොත් පික්සල් මිලියනයක්‍ ය.

මෙම රූප සංවේදකය එක් එක් මාදිලියේ කැමරා සදහා CCD සහ CMOS යන නම් වලින් වෙනස් තාක්‍ෂනයන් මගින් නිපදවා ඇතත් සිදු වන කාර්‍ය එකකි.

නිතරම ඉහල ගුනාත්මක තාවයක් සදහා පික්සල් ප්‍රමානය වැඩි රූප සංවේදක සහිත කැමරා තෝරා ගැනීමට උත්සහ කරන්න.

කැමරා කාච Lenses

camera-lens

Lens කැමරා කාච සාදා ඇත්තේ වීදුරු හෝ විශේෂිත ප්ලාස්ටික් යොදා ගෙනය. කාචයෙන් සිදුවන්නේ ඔබ ඡායා රූපයට ගන්නා වස්තුවේන් පරාවර්ථනය වන ආලෝකය කැමරාවේ කාච විවරය හරහා රූප සංවේදකය වෙතට නාභිගත කිරීමයි. සාමන්‍ය කැමාරාවන්හී කැමරාවටම සම්බන්ද කර ඇති කාචය වනුවට DSLR කැමරාවන් හී පැමිනෙන මාරු කල හැකි කාච තුලින් ඉතා ඉහල මට්ටමකින් යුතු ඡායාරූප ගැනීමේ හැකියාවක් ඡායාරූප ශිල්පියාට හිමිවේ. මෙම කාච නොයෙකුත් ප්‍රමාන වලින් සහ නොයෙකුත් නාභිගත කිරීමේ දුරවල් අනුවද පැමිනේ. මින් සමහරක් නම් වශයෙන් ගත හොත්:

  1. Ultra wide angle  අති පුළුල් කෝණයක් යුත් කාච
  2. Wide angle පුළුල් කෝණයක් යුත් කාච
  3. Standard සම්මත හෝ සාමාන්‍ය කාච
  4. Telephoto දිගු නාභි දුරක් ඇති කාච
  5. Macro Lenses ඉතා කුඩා වස්තූන් විශාල කර පෙන්වන කාච

කැමරාවේ ක්‍රම Camera modes

camera-modes 

DSLR කැමරාවන් තුල ඡායා රූප ශිල්පියාට පහසුවන පරිදි ඡායා රූප ගැනීමට වෙනස් ක්‍රම කීපයක්ම කැමරාවට ඇතුලත් කර පැමිනෙන අතර නවකයෙකුට උවද පහසුවෙන්ම මෙම ක්‍රම බාවිතා කර උසස් තත්වයේ ඡායා රූප ගැනීමේ හැකියාවක් ඇත. මෙම ක්‍රම ස්වයංක්‍රීයවම පිටත ආලෝක තත්වයන් ගණනය කර, අවශ්‍යය සැකසීම් සිදු කර අදාල ක්‍රම වලට අනුකූලව ඡායා රූප පහසුවෙන්ම ගැනීමට උපකාරී වෙයි.

එමෙන්ම ඔබ ගන්නා ඡායා රූප වල තත්වය යම් ආකාරයකට පාලනය කිරීමට අවශ්‍ය නම් ඒ සදහා ද Program අර්ධ ස්වයංක්‍රීය ක්‍රමයද, සම්පූර්නයෙන්ම පාලනය කිරීම සදහා Manual නොහොත් සියලුම සැකසීම් අතින් කර ගැනීමේ ක්‍රමයද ඇත.

Automatic නොහොත් ස්වයංක්‍රීය ක්‍රමය තුල සාමාන්‍යයෙන් ඇතුලත් ක්‍රම.

  1. Portrait – ලගින් ඇති වස්තුවට වැඩි අවධානයක් යොමු කිරීමේ ක්‍රමය.
  2. Macro – ඉතා කුඩා වස්තූන් විශාල කර ගැනීමේ ක්‍රමය.
  3. Landscape – කාචයට යොමුවන සියලුම දත්තයන් පැහැදිලිව සටහන් කරගන්නා ක්‍රමය.
  4. Sport – වේගවත් දර්ශන පැහැදිලිව සටහන් කර ගන්නා ක්‍රමය.
  5. Night Portrait – මද ආලෝක තත්වයන් යටතේ ලගින් ඇති වස්තුවට වැඩි අවධානයක් යොමු කිරීමේ ක්‍රමය

Program අර්ධ ස්වයංක්‍රීය සහ Manual සැකසීම් අතින් කර ගැනීමේ ක්‍රමය 

  1. Program – මෙම ක්‍රමයේදී කැමරාව විසින් Exposure නිරාවරණය කිරීම සකසන අතර ඔබට White Balance සුදු වර්නය සමබර කිරීම, ISO, Focusing නාභි ගත කිරීම සහ Metering අලෝක තත්වයන් පාලනය කල හැකිය.
  2. Shutter Priority (Tv) – ඔබට Shutter speed ශටරයේ වේගය පාලනය කල හැකි අතර කැමරාව Aperture කාච විවරය පාලනය කරයි.
  3. Aperture Priority (Av) – ඔබට Aperture කාච විවරය පාලනය කල හැකි අතර කැමරාව Shutter speed ශටරයේ වේගය පාලනය කරයි.
  4. Manual – ඔබට කැමරාවේ සියලුම පාලනයන් සිදු කල හැකිය.
  5. Auto Dept of Field – කැමරාව විසින් ස්වයංක්‍රීයව ක්‍ෂේත්‍ර ගැඹුර පාලනය කරයි.
  6. Flash off – ෆ්ලෑෂය අක්‍රීය කර ඡායාරූප ගැනීමට හැකිය.

මේ පිලිබදව වැඩි විස්තර …. ලිපියෙන්.

කැමරාවත් සමග පැමිනෙන ෆ්ලෑෂය  Flash 

builtin-and-popup-flash

සෑම ඩිජිටල් කැමරාවක් සමගම ෆ්ලෑෂයක් සාමාන්‍යයෙන් පැමිනෙන අතර වාතාවරනයට අනුව ෆ්ලෑෂ් ආලෝකය අවශ්‍යද නැතිද යන්න කැමරාව තීරනය කරයි. මෙම ෆ්ලෑෂය ශටරයත් සමගම ක්‍රියාත්මක වීම සාමාන්‍ය ක්‍රමයයි. නමුත් මෙම කැමරාවල ෆ්ලෑෂය ක්‍රියාත්මක විය යුතු අවස්ථාව හෝ ආලෝක ප්‍රමානය පාලනය ඔබට අවශ්‍යය ආකාරයට සිදු කල නොහැක. නමුත් DSLR කැමරා සමග පැමිනෙන ෆ්ලෑෂය ක්‍රම කීපයකටම පාලනය කල හැකි වීම මෙම කැමරාවල විශේෂත්වයකි. ෆ්ලෑෂය ක්‍රියාත්මක වන අවස්ථාව පාලානය කිරීමෙන් සහ පිටවන ආලෝකයේ තීව්‍රතාවය පාලනය කිරීමෙන් අලංකාර එමෙන්ම කලාත්මක ඡායාරූප ගැනීම ඉතා පහසු කරයි.

නැරඹීමේ ක්‍රම Viewing system

viewing-system

බොහෝ කැමරාවන් තුල ඔබ ගන්නා ඡායාරූපය නැරඹීමට ක්‍රම දෙකක් පැමිනේ, එවා නම් Optical viewfinder කාච හරහා සහ Electronic viewfinder විද්‍යුත් LCD තිරය හරහාය. මෙහිදී LCD තිරය තුලින් නැරඹීමේදී ආලෝකය සමතුලිත තාවය වැනි ඇසට නොපෙනෙන යම් යම් කරුනු දැකිය හැකි වන අතර කාචය තුලි නැරඹීමේදී විද්‍යුත් ගණනය කිරීම් වලින් බාදා නොවී කැමරා කාචය තුලින් පැමිනෙන සැබෑ රුපය දැක ගත හැකිය.

 


Leave a comment

Your email address will not be published. Required fields are marked *

One thought on “ඔබගේ කැමරාව තේරුම් ගැනීම