dslr-camera

DSLR කැමරාව යනු කුමක්ද​ 3


What is a DSLR Camera

DSLR යනු Digital Single Lens Reflex යන්න කෙටි කර දැක්වීමයි. එනම් තනි කාචයකින් රූපය දැකීමටත් රූපය ග්‍රහනය කර ගැනීමත් දෙකම සිදු කරන ඩිජිටල් කැමරාවක් යන්නයි. මෙය පැරනි චායා රූප පටල භාවිතා කල කැමරාවන් හී SLR නමින් ද හැදින්වේ.

සාමන්‍ය කැමරාවන්හී එක් කාචයකින් රූපය දැකීමත් තවත් කාචයකින් රූපය ග්‍රහනය කර ගැනීමත් සිදු වේ. මෙහිදී ඔබ දකින රූපයට වඩා තරමක් වෙනස් ආකාරයකට ඡායා රූපයට ගැනෙන අතර DSLR කැමරාවන්හී ඔබ රූප දර්ශකයෙන් එනම් Viewfinder තුලින් දකින රූපය ඒ ආකාරයටම ඡායා රූපයට ගැනීම සිදුවේ.

DSLR කැමරාවේ ඇතුලත

slr-cross-section01. Lens කාචය

02. Reflex mirror පරාවර්තක දර්පනය

03. Shutter ෂටරය

04. Image sensor රූප සංවේදකය

05. Matte focusing screen රූප යොමු තිරය

06. Condenser lens සරල කාචය

07. Pentaprism ෂඩාස්‍ර හැඩැති ප්‍රිස්මය

08. Eyepiece/Viewfinder රූප දර්ශකය

(මෙහි මා ඉදිරිපත් කර ඇති සිංහල නම් මාගේ දැනුම පරිදි ඇතුලත් කල නම් වන අතර මෙම කොටස් වලට විශේෂිත නම් ඇත්නම් පහත අදහස් කොටසේ ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමි)


DSLR කැමරාව ක්‍රියා කරන ආකාරය

DSLR

ඔබගේ DSLR කැමරාවේ පිටුපස Viewfinder එක තුලින් බැලූවිට ඔබට පෙනෙන දේ ඒ ආකාරයටම ඡායා රූපයටද ගැනෙන්නේය. මෙහිදී ඔබ දකින දර්ශනයේන් පැමිනෙන ආලෝකය කැමරාවේ කාචයෙන් පැමින කැමරාව තුල ඇති අංශක 45ක ඇලයක් ඇති දර්පනයෙන් පාරාවර්තනය වී “Pentaprism” නොහොත් ෂඩාස්‍රයක් හැඩැති ප්‍රිස්මයක් තුලින් පරාවර්තනය වී Viewfinder නොහොත් රූප දර්ශකය වෙතට යොමු කරවයි. මෙසේ ඔබ රූපය නිරීක්ශනය කර අවශ්‍යය සැකසුම් සකසා ඡායා රූපය ගැනීමට ෂටර බොත්තම එබූ පසු පරාවර්තක දර්පනය ඉහලට විවර වී රූප දර්ශකයට පැමිනෙන ආලෝකය වලකා එම ආලෝකය ෂටරය හරහා කෙලින්ම රූප සංවේදකය වෙතට යොමු කරවයි. මෙහිදී ෂටරයේ කාල සැකසුමට අනුව ෂටරය විවරව තිබෙන අතර එතෙක් කාචයෙන් පැමිනෙන ආලෝකය රූප සංවේදකය වෙතට ගමන් කරයි. ඉන් පසු ෂටරය වැසී දර්පනය නැවතත් පහත් වී නැවතත් ආලෝකය රූප දර්ශකය වෙතට යොමු කරවයි.

DSLR කැමරාවේ ඡායා රූප ශිල්පියා සමග සිදු කරන කොටස මෙය වූවත් ඉන් අනතුරුව තවත් විශාල ක්‍රියාවක් එනම් රූප සංවේදකයෙන් ග්‍රහනය කර ගන්නා ආලෝකය කැමරාව තුල ඇති පරිගනකය මගින් අවශ්‍යය Format  එකට අනුව මතකයේ Memory එකේ තැන්පත් කිරීම කරනු ලැබේ. මෙය ඉතාමත් වේගයෙන් සිදු වන අතර මිල අධික වෘත්තීය මට්ටමේ DSLR කැමරාවන් වල මෙය තත්පරයකට 11 එකලොස් වතාවක් පමන වේගයකින් සිදු කල හැකිය.

මෙය DSLR කැමරාවක් ක්‍රියා කරන ආකරය ඉතාමත් සරලවම ඉදිරිපත් කිරීමකි. මෙසේ කැමරා පිලිබදව තවත් විස්තර ඉදිරි ලිපි තුලින් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වේ. එතෙක් මෙම ලිපියේ පහත Comments තුල ඔබ භාවිතා කරන කැමරාවන් මොනවාද යන්න සහ ඔබගෙ කැමරාව පිලිබදව ඔබගේ අදහස් ඉතා සරලව ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමි.


Leave a comment

Your email address will not be published. Required fields are marked *

3 thoughts on “DSLR කැමරාව යනු කුමක්ද​