The Exposure

නිරාවරණය​ 1


The Exposure

උසස් තත්වයේ ඡායා රූප ගැනීමේදී සියලුම ඡායා රූප ශිල්පීන් දැන සිටිය යුතු ප්‍රධානතම කරුනක් වන්නේ Exposure නොහොත් නිරාවරනයයි. නිරාවරනය නිසි පරිදි පාලනය කිරීම පිලිබදව අප ඉගෙන ගතයුතු ප්‍රධාන අංග තුනක් ඇත ඒවා නම් ISO, Aperture සහ Shutter Speed යන අංගයන්‍ ය.
දැන් අපි මෙම අංග පිලිබදවත්, ඔබගේ කැමරාව මෙම අංග පාලනය කරන ආකාරය පිලිබදවත්, මෙම අංග නිසි පරිදි පාලනය නොකිරීමෙන් ඔබගේ ඡායා රූප වලට සිදුවිය හැකි හානි පිලිබදවත් සොයා බලමු.

නිරාවරනය පාලනය කරන ප්‍රධාන අංග

ISO – ISO මගින් කැමරාවේ රූප සටහන් කරගන්නා සංවේදකයේ ආලෝකයට ඇති සංවේදීතාවය පෙන්නුම් කරනු ලැබේ. මෙම අගය වැඩිවන සෑම විටම සංවේදකයේ සංවේදීතාවය දෙගුන වේ.


Aperture – කාචයේ විවරය. මෙය කැමරාවේ රූප සංවේදකයට කාචය තුලින් පැමිනෙන ආලෝකය පාලනය කල හැකිවීම සදහා කාචය තුලට එක් කර ඇති යාන්ත්‍රික කොටසකි. මෙය F-number නොහොත් F-අංක මගින් සදහන් කරනු ලබයි.


Shutter Speed ෂටරයේ වේගය. මෙයද කැමරාවේ රූප සංවේදකය වෙතට පැමිනෙන ආලෝකය කාලය මගින් පාලනය කරන කැමරාව තුල පිහිටා ඇති යාන්ත්‍රික අංගයකි. මෙහි ක්‍රියා කාරිත්වයේ වේගය මගින් ගනනය කරන අතර එය තත්පරයකින් කොටසක් වශයේන් ගනණය කරනු ලැබේ.


exposure-triangle

මෙම අංග තුන එක්වීමෙන් ඡායා රූපයක නිරාවරනය නිර්මානය වන අතර මින් එක් අංගයක් හෝ ඉතා සුලු වශයෙන් වෙනස් කිරීමෙන් අනෙකුත් අංග ක්‍රියා කරන ආකාරය වෙනස් වීම සහ අවසන් ප්‍රථිපලයද වෙනස් කර ගත හැකිය.
උදාහරනයක් ලෙස ඔබ කැමරා කාචයේ විවරය කුඩා කලහොත් එනම් ඉහල F – අංකයකට සැකසුවහොත් කැමරාවේ රූප සංවේදකයට පැමිනෙන ආලෝකය අඩුවෙන අතර ඒ සමගම ඡායා රූපයේ ක්‍ෂේත්‍ර ගැඹුර ඉහල යන්නේය.
ඔබ ෂටරයේ වේගය අඩු කිරිමෙන් චලනයන් රූප ගත වීමට ඇති අවස්ථාව වැඩි වන අතර බොද වූ රූපයක් අවසන් ප්‍රථිපලය ලෙස ලැබෙනු ඇත. නමුත් රූප සංවේදකයට පැමිනෙන ආලෝක ප්‍රමානය වැඩිවී සියල්ල වැඩි දීප්තිමත් බාවයකින් දිස්වනු ඇත.
ඉහල ISO අගයක් සැකසීමෙන් මද ආලෝක තත්වයන් යටතේ ඡායා රූප ගැනීමට මග පාදන නමුත් ඡායා රූපයේ Noise නොහොත් ඝෝෂාකාරී තත්වය වැඩි විය හැකිය.
මෙම හේතුව නිසා එක් අංගයක් සුලු වශයෙන් වෙනස් කිරීමෙන් අනෙකුත් අංග දෙකද වෙනස් වන බව හොදින් මතක තබා ගන්න.

ISO රූප සංවේදකයේ සංවේදී තාවය

iso-sensitivity

ISO යනු කැමරාවේ රූප සංවේදකයේ සංවේදී තාවය ගනණය කරන ඒකකයයි. ISO අංකනය 25 සිට 3200 සහ ඊටත් වඩා ඉහල යාමටද හැකිය. ISO අගය අඩුවන තරමට සංවේදීතාවය අඩුවන අතර ඉතා හොද ආලෝක තත්වයන් අයටතේ ඉතා පැහදිලි ප්‍රථිපල ලබාදේ. එමෙන්ම  වැඩි ISO අගයක් සකසා ඡායා රූප ගැනීමෙදී මද ආලෝක තත්වයන් යටතේ හොද ප්‍රථිපල ලබා ගත හැකි වූවද ඡායා රූපයේ Noise නොහොත් ඝෝෂාකාරී බව වැඩිවේ.
බොහෝ DSLR කැමරාවන්හී ISO අගය 100න් පමන ඇරඹෙන අතර වීශේෂ මිල අධික කැමරාවන් වල ඇතැම් විටක මෙම අගය 50 හෝ ඊටත් අඩු අගයකින් පැමිනිය හැකිය.

APERTURE කැමරා කාචයේ විවරය

aperture

කැමරා කාචයේ විවරය කුඩා හෝ විශාල කිරීම මගින් රූප සංවේදකයට පැමිනෙන ආලෝකය අඩු හෝ වැඩි කර ගත හැකිය. මෙහිදී මතක තබා ගත යුතු ප්‍රධාන කරුනක් වන්නේ මෙම විවරයේ ප්‍රමානය ගනනය කරන අගය වන F අගය විශාල වන තරමට කාචයේ විවරය කුඩා වන අතර F අගය කුඩා වන තරමට කචයේ විවරය විශාල වන බවය. පහත පෙන්වා ඇති රූපයෙන් ඔබට මේ පිලිබදව අදහසක් ලබා ගත හැකිය.

Aperture

මෙම කාච විවරය වඩාත්ම වැදගත් වන්නේ ඡායාරූපයේ ක්‍ෂේත්‍ර ගැඹුර පාලනය කිරීම සදහාය. කාචයේ විවරය විශාල වන විට ක්‍ෂේත්‍ර ගැඹුර අඩු වන අතර කාචයේ විවරය කුඩා වන විට ක්‍ෂේත්‍ර ගැඹුර විශාල වේ.

SHUTTER SPEED ෂටරයේ වේගය

shutter-speed

කැමරාවේ ෂටරයේ වේගය මනිනු ලබන්නේ තත්පරයකින් කොටසක් වශයෙනි. මෙම ෂ්ටරය මගින් කැමරාවේ රූප සංවේදකය වෙතට පැමිනෙන ආලෝකය පැමිනෙන කාලය මගින් පාලනය කරනු ලබයි. ෂටරයේ වේගය එනම් ෂටරය විවර වී ඇති කාලය පාලනය කිරීම තත්පරයෙන් 1000කින් එකේ සිට තත්පරයෙන් 30න් එකක් දක්වාද ඊටත් වඩා වැඩි කාලයක් දක්වාද විවරව තබා ගත හැකිය.
ෂටරයේ වේගය ඉතා වැඩි කිරීමෙන් ඉතා වේගවත් දර්ශන පැහැදිලිව හසු කර ගත හැකි අතර මේ සදහා ආලෝකය ඉතා හොද තත්වයක තිබීය යුතුය.
එමෙන්ම ආලෝකය මද අවස්ථාවන් හීදී වැඩි වේලාවක් ෂටරය විවරව තබා ගැනීමට ෂටරයේ වේගය අඩු කර ගත හැකිය.
ෂටරයේ වේගය අඩු කර ඡායා රූප ගැනීමේදී අනවශ්‍ය සෙලවීම් වලක්වා ගැනීමට Tripod නොහොත් ත්‍රීපාද ආදාරකයක් භාවිතා කිරීම ඉතා වැදගත් වේ.

OVEREXPOSURE AND UNDEREXPOSURE

overexposed-and-underexposed

අධි නිරාවරනය සහ මද නිරාවරනය මෙය ඡායා රූපයක හදුනා ගන්නේ කෙසේද? අධි නිරාවරනය යනු ඡායා රූපයක ආලෝකය වැඩි ස්ථාන වල ඉස්මතු විය යුතු කරුනු ආලෝකය වැඩි කම නිසා පැහැදිලිව නොපෙනීමයි. මෙය සිදුවන්නේ අවශ්‍ය පමනට වඩා ආලෝකය කැමරා කාචය තුලින් රූප සංවේදකය වෙතට පැමිනීමෙන්‍ ය. මෙසේ අධික ලෙස නිරාවරනයට ලක් වූ ඡායා රූපයක් නැවත යතා තත්වයට ගෙන ඒමට නොහැකිය.
එසේම මද නිරාවරනය යනු ඡායා රූපයක සෙවනැලි ස්ථාන වල ඇති කරුනු නිසි පරිදි නොපෙනෙන ලෙස වැඩි අදුරකින් වැසී ඇති ඡායා රූපයන්‍ ය. මෙහිදී අවශ්‍ය පමන ආලෝකය කාචය තුලින් රූප සංවේදකය තුලට නොපැමිනීම නිසා රූපයේ වැඩි අදුරු සෝබාවයක් පෙන්නුම් කෙරේ. මෙහිදී ද එම නොපෙනෙන කරුනු නැවතත් ලබා ගත නොහැකිය.
මෙම දෝශය මග හරවා ගැනීමට කැමරාවේ AE Lock (AEL- Auto Exposure Lock) නොහොත් ස්වයංක්‍රීය නිරාවරන අගුල යනුවෙන් ක්‍රියාවක් සම්පූර්න සහ අර්ධ ස්වයංක්‍රීය ක්‍රමයන් භාවිතා කර ඡායා රූප ගැනීමේදී ක්‍රියාත්මක වේ. මෙම ක්‍රමයේදී ඔබ කුමන ආකාරයක වෙනසක් නිරාවරනයට අදාල අංග තුනෙන් එකකට සිදු කලත් අනෙකුත් අංග දෙක ස්වයංක්‍රීයව ඉහල තත්වයේ නිරාවරනයක් සදහා සැකසීම සිදුවේ.

මෙම නිරාවරනය පිලිබදව සියලු කරුනු ඉතා හොදින් හදුනා ගෙන හැකි තාක් පර්‍යෙෂනාත්මක ඡායා රූප ගැනීමට උත්සහ කරන්න. මෙම කරුනු ඡායා රූප කරනයේ ප්‍රවීනයෙකු වීමට ඉතා වැදගත් වේ. එබැවින් මෙහි හදුන්වාදුන් නිරාවරනයේ අංග තුන පිලිබදව හොදින් අවබෝද කර ගැනීම සදහා මෙම අංග නොයෙකුත් ආකාරයෙන් වෙනස් කරමින් ඡායා රූප ගනිමින් හොදින් ප්‍රගුන කරන්න.


Leave a comment

Your email address will not be published. Required fields are marked *

One thought on “නිරාවරණය​