depth-of-field

ක්‍ෂේත්‍ර ගැඹුර පිලිබදව අවබෝධය


Understanding Depth of Field

සමහර විටක ඔබ මෙම Depth of Field ක්‍ෂේත්‍ර ගැඹුර පිලිබදව අසා තිබෙන්න පුලුවන්‍ ය, නමුත් ඔබගේ ඡායාරූප ගැනීමේදී මෙම ක්‍ෂේත්‍ර ගැඹුර ප්‍රයෝජනයට ගන්නවාද? Depth of Field හෙවත් ක්‍ෂේත්‍ර ගැඹුර සරලවම තේරුම් කර දෙනවානම් ක්‍ෂේත්‍ර ගැඹුර යනු ඡායාරූපයක පැහැදිලිව අවධානයට යොමුවී ඇති සීමාවය. මෙය ඡායා රූපයට ගැනෙන වස්තුව සමග පසුබිමේ ඇති වස්තූන් ගේ පැහැදිලි බාවයේ ප්‍රමානය යැයි කිවහොත වඩාත් පැහැදිලි ඇතැයි සිතමි.

මෙම සීමාව ඡායා රූපයෙන් ඡායා රූපයට වෙනස් ඇතැම ඡායා රූප වල මෙම අවධානයට යොමුවී ඇති සීමාව ඉතාමත් කුඩා ප්‍රමානයක් වේ, මෙය බොහෝවිට කැමරාවට ආසන්නයේම ඇති වස්තුව හෝ විශේෂයෙන්ම නාභි ගත කර ඇති වස්තුව විය හැකිය අතර මෙය Shallow depth of field නොහොත් නොගැඹුරු ක්‍ෂේත්‍ර ගැඹුර ලෙස හැදින්වේ.

එමෙන්ම තවත් සමහරක් ඡායාරූප වල පුලුල් පරාසයක් හෝ ඇතැම් විටක මුලු ඡායා රූපයම පැහැදිලිව අවධානයට යොමුවී තිබිය හැකිය මෙය Deep depth of field ගැඹුරු ක්‍ෂේත්‍ර ගැඹුර ලෙස හැදින් වේ.

ඡායා රූපයක ගැනීමේදී ක්‍ෂේත්‍ර ගැඹුර තීරනය කිරීම සදහා ප්‍රධාන සාධක තුනක් උපයෝගී කර ගනී, ඒවා නම් Aperture හෙවත් කැමරා කාචයේ විවරය, ඡායා රූපයට පාදක වන වස්තුවේ සිට කැමරාවට ඇති දුර, සහ කැමරා කාචයේ නාභි දුර යන සාධකයන් ය. දැන් අපි මේම සාධක පිලිබදව වැඩි දුර සොයා බලමු.

Aperture නොහොත් කාචයේ විවරය ක්‍ෂේත්‍ර ගැඹුර සදහා බලපාන ආකාරය

apertures

නොහොත් කාචයේ විවරය යනු කැමරාවේ Sensor සංවේදකය වෙත කාචය තුලින් පැමිනෙන ආලෝක ප්‍රමානය පාලනය කරන විවරයයි. මෙය (f-number) f- අංකය මගින් සටහන් කරන f-stop යනුවෙන් ද හදුන්වන අතර මෙම විවරය පහසුවෙන්ම කුඩා හෝ විශාල කර ගත හැකිය. ඡායා රූපයක ක්‍ෂේත්‍ර ගැඹුර පාලනය කල හැකි පහසුම ක්‍රමය මෙම කාචයේ විවරය පාලනය කර ගැනීමයි.

පහතින් දක්වා ඇති සටහන ඉතා හොදින් තේරුම් ගැනීම ඡායා රූප ශිල්පියෙකුට ඉතා වැදගත්‍ ය.

  • විශාල කාචයේ විවරය = කුඩා (f-number) f- අංකය = ක්‍ෂේත්‍ර ගැඹුර නොගැඹුරු වේ

  • කුඩා කාචයේ විවරය = විශාල (f-number) f- අංකය = ක්‍ෂේත්‍ර ගැඹුර ගැඹුරු වේ

මෙය මතක තබා ගැනීමට පහසුව සදහා මෙසේ මතක තබා ගත හැකිය: f- අංකය කුඩා වන තරමට ක්‍ෂේත්‍ර ගැඹුර කුඩා වේ, f- අංකය විශාල වන තරමට ක්‍ෂේත්‍ර ගැඹුර විශාල වේ.

වස්තුවේ සිට කැමරාවට ඇති දුර ක්‍ෂේත්‍ර ගැඹුර සදහා බලපාන ආකාරය

distance

මෙය සරලවම කිවහොත් ඡායා රූපයට ගැනෙන වස්තුවේ සිට කැමරාවට ඇති දුර අඩු වන තරමට ක්‍ෂේත්‍ර ගැඹුර නොගැඹුරු වන අතර, වස්තුවේ සිට කමරාවට ඇති දුර වැඩි වන තරමට ක්‍ෂේත්‍ර ගැඹුර ගැඹුරු වේ.

මෙය බොහෝ දුරට අපේ අස ක්‍රියා කරන අකාරයට පැහැදිලි කල හොත්: අප යම් වස්තුවකට ලං වන විට එම වස්තුව වඩාත් පැහැදිලි වන අතර පසු බිමට යොමුවන අවධානය අඩු වේ, එම වස්තුවෙන් ඈත් වන විට එම වස්තුව සමගම පසුබිමටද අවධානය එක සමාන ලෙස යොමු වේ.

කැමරා කාචයේ නාභි දුර ක්‍ෂේත්‍ර ගැඹුර සදහා බලපාන ආකාරය

focal-length

 කැමරා කාචයේ නාභි දුර, දුරින් පිහිටි වස්තුන් විශාල සහ ලං කර පෙන්විය හැකි හැකියාව තීරනය කරයි. මෙය තේරුම් ගැනීමට  තරමක් සංකීර්න දෙයක් වන අතර සරලවම කිවහොත් කැමරා කාචයේ නාභි දුර වැඩිවන තරමට ක්‍ෂේත්‍ර ගැඹුර නොගැඹුරු වේ. එනම් ඈතින් පිහිටි වස්තුවක් ලං කර සහ විශාල කර ඡායා රූප ගත කිරීමේදී ක්‍ෂේත්‍ර ගැඹුර ඉතා කුඩා වේ.

නොගැඹුරු ක්‍ෂේත්‍ර ගැඹුරක් යොදා ගත යුත්තේ?

shallow-depth-of-field

නොගැඹුරු ක්‍ෂේත්‍ර ගැඹුරක් යොදා ගැනීමෙන් ඔබ ඡායා රූප ගත කරන වස්තුව පසුබිමෙන් කැපී පෙනීමට සලස්වා ගත හැකිය. මෙය පුද්ගල ජායාරූප කරනයට ඉතා හොද ක්‍රමයකි. එමෙන්ම වන ජීවී ඡායාරූප කරනයට සහ යම් වස්තුවක් පමනක් පසුබිමින් කැපී පෙනීමට අවශ්‍යය ඔනෑම ඡායා රූපයකට යෝග්‍යය. එමෙන්ම අඩු අලෝක තත්ව යටතේ ඔබගේ කැමරාවේ Aperture නොහොත් කාචයේ විවරය විශාල කර ඡායා රූප ගැනීම උපරිම ආලෝකයක් ලබා ගැනීමටද උපකාරයක් වනු ඇත.

නොගැඹුරු ක්‍ෂේත්‍ර ගැඹුරක් යොදා ගැනීම ක්‍රීඩා ඡායාරූප කරනයේදී අවශ්‍ය ක්‍රීඩකයින්ව පසුබිමෙන් වෙන් කර ගැනීමටද උපකාරී වනු ඇත. එමෙන්ම මේහිදී කාචයේ විවරය විශාල කිරීම නිසා කැමරා ෂටරයේ වේගය වැඩි කර වේගවත් දර්ශන මද ආලෝක තත්වයන් ගේ උවද පැහැදිලිව රූප ගත කිරීමටද හැකියාව ගෙන දෙනු ඇත.

ගැඹුරු ක්‍ෂේත්‍ර ගැඹුරක් යොදා ගත යුත්තේ?

deeper-depth-of-field

ගැඹුරු ක්‍ෂේත්‍ර ගැඹුරක් යොදා ගැනීම බොහෝ විට පරිසරය ඡායා රූප ගත කිරීම සදහා සුදුසුය. මෙහිදී දිස්වන සියලුම දැ පැහැදිලි වීම වැදගත් බැවින් මෙය ඉතා සුදුසුය. මෙසේ ගැඹුරු ක්‍ෂේත්‍ර ගැඹුරක් සදහා කැමරාව සැකසීමේදී කාචයේ විවරය කුඩා කල යුතු බැවින් මෙසේ ඡායා රූප ගැනීම සදහා ඉතා හොද ආලෝක තත්වයක් තිබිය යුතුය. නැතහොත් ෂටරයේ වේගය අඩු කල යුතු වන අතර අනවශ්‍ය සෙලවීම් වලකා ගැනීමට Tripod හෙවත් ත්‍රීපාදයක් වැනි ආධාරකයක් භාවිතා කිරීමට සිදු වනු ඇත. මේම ගැටලුවට පිලියමක් වශයෙන් පුළුල් කෝණයක් සහිත කාචයක් භාවිතා කිරීමද කල හැකිය.

කැමරාවේ ක්‍ෂේත්‍ර ගැඹුර  සකසා ගැනීම

ක්‍ෂේත්‍ර ගැඹුර DSLR නොවන සාමන්‍ය කැමරාවක වුවද සකසා ගත හැකිය. ඔබගේ කැමරාවේ Scene Manu  නොහොත් දර්ශන මෙනුව තුල මිනිස් රූපයක් ඇති Portrait සදහා ඇති ක්‍රමය තෝරා ගැනීමෙන් නොගැඹුරු ක්‍ෂේත්‍ර ගැඹුරක් ද, එම දර්ශන මෙනුව තුලම කදු ලකුනක් ඇති Landscape සදහා ඇති ක්‍රමය තෝරා ගැනීමෙන් ගැඹුරු ක්‍ෂේත්‍ර ගැඹුරක්ද  ලබා ගත හැකිය.

ඔබගේ DSLR කැමරාව තුලද සරලවම ස්වයංක්‍රීය ක්‍රම තුල Aperture Priority mode නොහොත් කාචයේ විවරය ප්‍රමුඛ ක්‍රමය භාවිතා කර මෙම ක්‍ෂේත්‍ර ගැඹුර ඔබට අවශ්‍ය ලෙස පාලනය කර ගත හැකිය. එමෙන්ම මෙහිදී කැමරාව ස්වයංක්‍රීයව ෂටරයේ වේගය පාලනය කරනු ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *