සුදු පැහැය සමබර කිරීම​


White Balance

යම් දිනක ඔබ ඡායා රූපයක් ගැනීමෙන් පසු පියවි ඇසට පෙනෙන ආකාරයට වඩා වර්ණය වෙනස්ව තිබෙනවා දැක තිබේද? එනම තැඹිලි පැහැ ගතියක් හෝ නිල් පැහැ ගතියක් ඉස්මතු වී තිබෙනවා දැක තිබේද? එසේ දැක තිබේ නම් එසේ වීමට හේතුව වන්නේ White Balanceනොහොත් සුදු පැහැය නිසි පරිදි සමබර නොවීමයි.

මෙම සුදු පැහැය සම බර කිරීම ඡායා රූප ශිල්පියෙකු දැන සිටිය යුතු ප්‍රධානතම සැකසුමකි. ඔබ නිසි පරිදි සුදු පැහැය සමබර නොකලහෙත් ඔබගේ ඡායා රූපය ඔබගේ ඇසට පැහැයන්ට වඩා වෙනස්ව නිර්මානය වනු ඇත.

සුදු පැහැය සමබර කිරීමේ සැකසුම් ඡායා රූපයක පැහැය ඇති සැටියෙන් ලබා ගැනීමට හෝ කලාත්මකව වර්ණ වෙනස් කර ගැනීමටද යොදා ගත හැකිය.

දැන් අපි මෙම White Balance නොහොත් සුදු පැහැය සම බර කිරීමට බලපාන කරුනු සහ ඔබගේ කැමරාවේ සුදු පැහැය සමබර කිරීමේ ක්‍රම පිලිබදව සොයා බලමු.

වර්ණ උෂ්නත්වයන් – Color Temperature

white-balance-chartWhite Balance සදහා ප්‍රධාන ලෙසම බලපාන සාධකය වන්නේ Color Temperature නොහොත් වර්ණ යන් ගේ උෂ්නත්වයන්‍ ය. මෙම උෂ්නත්වය Kelvin (K) කෙල්වින් වලින් මනිනු ලබන අතර මෙය අපගේ ඇසට පෙනෙන ආලෝකයේ සෝබාවය දක්වයි.

උදාහරනයක් වශයෙන් මෙය සාමාන්‍යයෙන් අප සූර්‍යාලෝකයේදී දකින සුදු පැහැයට වඩා Fluorescent එනම් “ටියුබ් ලයිට්” ආලෝකයේන් දකින සුදු පැහැයත්, සාමාන්‍ය විදුලි බුබුලු එලියක්දී දකින සුදු පැහැයත් වෙනස් බව ඔබ දැක ඇතුවාට සැකයක් නැත.

වර්ණ උෂ්නත්වයන් ගේ කෙල්වින් අගය අඩු වන විට සුදු පැහැය තරමක තැඹිලි සහ රතු පැහැයක් ගැනෙන අතර කෙල්වින් අගය වැඩිවන විට නිල් පැහැයක් ගෙන දේ. මෙය පහත දැක්වෙන වර්ණාවලිය නිරීක්‍ෂනයෙන් වඩාත් පැහැදිලි වනු ඇත.

Color Temperature

ආලෝකය වර්ණයන් සදහා බලපාන ආකාරය

white-balance-comparisonඔබගේ කැමරාව වර්ණ හදුනා ගන්නේ රතු,කොල සහ නිල් යන වරණ මුල් කරගෙනය. එබැවින් හොදින් දහවල් හිරු එලිය ඇති අවස්ථාවක ඡායා රූපයක් ගැනිමේදී හිරු එලිය තුල මෙම සියලුම වර්ණ සම්පූර්න බැවින් මෙම ප්‍රධන වර්ණ තුන එක්වී සුදු වර්ණය නිසි පරිදි නිර්මානය වේ. මෙහිදී අනෙකුත් වර්ණද ඇසට පෙනෙන ආකාරයටම ඡායා රූපයට ඇතුලත් වේ.

නමුත් සාමාන්‍ය විදුලි බුබුලු ආලෝකයක් යටතේ ඡායා රූප ගැනීමේදී සුදු පැහැය සමබර නොකලහොත් ගැනෙන ඡායා රූපය තැඹිලිපැහැයට හුරු ගතියක්ද, Fluorescent නොහොත් “ටියුබ් ලයිට්” ආලෝකයක් යටතේ ගැනීමෙන් ඡායා රූපය නිල් පැහැයට හුරු පැහැයක් ලැබේ.

මෙසේ වෙනස් ආලෝකයන් යටතේ කැමරාවේ රූප සංවේදකය වෙතට අඩු වර්ණ උෂ්නත්වයන් ලැබෙන විට තැඹිලි පැහැ ගතියත් වැඩි උෂ්නත්ව යටතේ නිල් පැහැ ගතියත් ඇතිවීම වැලැක්වීම සදහා අප කැමරාව පවතින ආලෝක තත්වයට සැකසිය යුතුය. මේ සදහා ඔබගේ කැමරාවේ සැකසුම් දැන සිටීම ඉතා වැදගත්‍ ය.

White Balance – කලින් සැකසූ සැකසුම්

white-balance-settings

Auto – ස්වයංක්‍රීය

මෙම ක්‍රමය ස්වයංක්‍රීයවම පවතින ආලෝක තත්වයට අනුව සුදු පැහැය සමබර කරයි. නමුත් අනෙකුත් සැකසුම් ක්‍රම තුලින් වඩා හොද ප්‍රථිපල අත් කර ගත හැකිය.

Tungsten – විදුලි බුබුලු ආලෝකය

මෙය සාමාන්‍යයෙන් විදුලි බුබුලු ආලෝකය ඇති අවස්ථාවන් හී දී සහ ගෘහස්ත ඡායා රූප කරනයේදී යොදා ගත හැකිය. මෙහිදී වර්ණය ගේ උෂ්නත්වය තරමක් ඉහලට යොමු කරමින් ඡායා රූපය නිර්මානය වේ.

Fluorescent – ටීයුබ් ආලෝකය

මෙම ක්‍රමයේදී වැඩී ආලෝකයකින් සහ වැඩී ආලෝක උෂ්නත්වයක් ඇති අවස්ථාවන්ට යෝග්‍ය වන අතර මෙහිදී ආලෝකයේ උෂ්නත්වය පහතට යොමු කරයි.

Day Light – දහවල් ආලෝකය

මෙම සැකසුම් සාමාන්‍ය දහවල් ආලෝකය යටතේ එලිමහන් ඡායා රූප ගැනීමට යොදා ගත හැකිය. මෙම ක්‍රමය ඇතම් කැමරා තුල නොමැත.

Cloudy – වලාකුලු සහිත ආලෝකය

මෙය වලාකුලු සහිත දිනක ඡායා රූප ගැනීමට  යොදා ගත හැකිය.මෙහිදී ආලෝක උෂ්නත්වය තරමක් වැඩීකර සුදු පැහැය සමබර ඡායා රූපයක් ගැනීමට ඔබට උපකාර වේ.

Flash – ෆ්ලැෂය සමග

ආලෝකය මද අවස්ථාවන් වලදී මෙම ක්‍රමය යොදා ගත හැකි අතර මෙහිදී කැමරාව මද ආලෝක තත්වයන් යටතේ සුදු පැහැය සමබර කිරීම සිදු කරයි.

Shade – සෙවනැලි

සෙවනැලි සහිත ස්ථානයක ඡායා රූප ගැනීමේදී පැහැය වෙනස් විය හැකි බැවින් මෙම ක්‍රමය තුලින් ආලෝකයේ උෂ්නත්වය වැඩ්කර සුදු පැහැය සමබර කිරීම සිදු කරයි.

සුදු පැහැය ඔබ විසින් සමබර කිරීම

කැමරාවන් හී සුදු පැහැය සමබර කිරීම සදහා කමරාවේ සැකසීම තුලින් නොගොස් ඔබටම සකසා ගත හැකිය. මෙම ක්‍රමයේදී ඔබ විසින් නිසි සුදු පැහැය යනු කුමක්ද යන්න කැමරාවට දැනුම් දිය යුතුය. මෙම ක්‍රමය වෙනස් වන ආලෝකය යටතේ ඡායා රූප ගැනීමේදී යොදා ගත හැකිය. උදාහරනයක් ලෙස උදෑසන සහ සවස ඡායා රූප ගැනීමේදී හිරු එලියේ වෙනස් වීමට නිතරම සුදු පැහැය සමබර කරමින් මෙම ක්‍රමය යොදා ගත හැකිය.
මෙම ක්‍රමය සදහා තනි සුදු පැහැති මතුපිටක් වෙත කැමරාව එල්ල කර නිරාවරන සැකසුම් සහ නාභිගත  කිරීම් සිදු කර සුදු පැහැය සමබර කිරීමේ බොත්තම ඔබන්න. තත්පර කීපයකින් කැමරාව සැකසෙන අතර ඔබ නැවත මෙම සැකසුම සිදු කරන තුරු කලින් සැකසූ සුදු පැහැයට අනුව ඡායා රූප ගැනෙනු ඇත.

ඔබගෙ ඡායා රූප කරන ව්‍යාපාරය නව තලයකට ගෙන යාමට ඔබ කැමතිද​? එසේ නම් අපගේ විශේෂ සේවයක් වන වෙබ් අඩවි නිර්මානය කර දෙන සේවාව තුලින් ඔබටත් ඉතා අඩු මිලට වැඩි වටිනාකමකින් යුත් වෙබ් අඩවියක් නිර්මානය කර ගන්න. වැඩි විස්තර සදහා මෙතනින් යන්න​.

ඉහත දක්වා ඇති කලින් සැකසූ සුදු පැහැය සමබර කිරීමේ ක්‍රම ආදුනිකයන් සදහා මෙන් පෙනුනත් මෙම ක්‍රම හදිසි ඡායා රූප ගැනීම් සදහා යොදා ගත හැකිය. ඉහත් දක්වා ඇති සියලු ක්‍රම ප්‍රගුන කිරීමෙන් ඔබට ඔනෑම අවස්ථාවක ඔනෑම ආකාරයක ජායා රූප ගැනීම සදහා පහසුවක් වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *