Bird Photography Tips

කුරුල්ලන් ඡායා රූප කරනය​ සදහා උපදෙස්


Bird Photography Tips

බොහෝ ඡායා රූප ශිල්පීන් කුරුල්ලන් තම කැමරාවට නතු කර ගැනීමට විශේෂ උනන්දුවක් දක්වන්නේ කුරුල්ලන් ගේ ඇති වර්ණවත් භාවය නිසා සහ සෝබාවධර්මයේ අලංකාරත්වය කුරුල්ලන්ගෙන් මනාව පිලිඹිබු වන නිසාය. නමුත් කුරුල්ලන් ඡායා රූප ගත කිරීම සදහා ඉතා හොද ඉවසීමක් සහ විශය පිලිබදව සහ ඔබගේ කැමරාව පිලිබදව මනා දැනුමකින් යුක්තව සිදු කල යුතුය.

එබැවින් කුරුල්ලන් ඡායා රූප කරනයේදී නවකයෙකුට උවත් පහසුවෙන් සිහියේ තබා ගනිමින් වඩත් ඉහල ප්‍රථිපල අත්කර ගත හැකි කරුනු කිහිපයක් Bird Photography Tips මෙම ලිපිය තුලින් ඔබ වෙත ගෙන එමි.

ආම්පන්න

photographer

කුරුල්ලන් ඡායා රූප ගත කිරීම සදහා ඔබගේ සාම්න්‍ය DSLR කැමරාව සමග ඔබගේ 18-55 mm කාචය  උවත් භාවිතා කල හැකි නමුත් කුරුල්ලන් වැනි සංවේදී සහ වේගවත් සතුන් කැමරාවට නතු කර ගැනීමට ඔවුන් ලගට යාමට අපහසුය. එබැවින් දිගු නාභි දුරක් සහිත කාචයක් තබා ගැනීම ඉතා වැදගත් වේ. අවම වශයෙන් 70-300 mm කාචයක් තබා ගැනීමෙන් තරමක දුර සිටම පැහැදිලි ඡායා රූපයක් ගත හැකිය.

ඔබ විශාල නාභි දුරක් සහිත කාචයක් ලබාගන්නේ නම් එය තරමක් බර වැඩි වන් අතර ඡයා රූප ගැනීමේදී අනවශ්‍ය සෙලවීම් මග හරවා ගැනීමට Tripod නොහොත් ත්‍රීපාද ආධාරකයක් තබා ගැනීමද ඉතා වැදගත්‍ ය.

මෙයට අමතරව වෙනත් මෙවලම් අත්‍යාවශ්‍ය නොවන නමුත් ඔබ කුරුල්ලන් හෝ වනජීවී ඡායා රූප ගැනීමට යාමේදී කැපී නොපෙනෙන වර්ණයන් සහ ඔබ යන පරිසරයට සමාන වර්ණයෙන් යුත් ඇදුම් පැලදීමටත්, ආලෝකය පරාවර්තනය නොවන ලෙස ඔබගේ කාච සහ දුරකතන වැනි දෑ ආවර්නය කර තබා ගැනීමට උත්සහ කරන්න.

කැමරා සැකසීම්

සාර්ථකව කුරුල්ලන් ඡායා රූප ගත කිරීම සදහා ඔබගේ කැමරාව සකසා ගත හැකි ආකාරය පිලිබදව අදහස් කීපයක් පහත දැක්වේ. මෙහි දැක්වෙන සැකසුම් පිලිබදව වැඩි විස්තර සදහ නිරාවරණය ලිපිය කියවන්න.

ෂටරයේ වේගයphotographing-birds

කුරුල්ලන් වැනි වේගවත් සතුන් ඡායා රූප ගත කිරීමේදී වැඩි වේගයකින් යුත් ෂටර වේගයක් යොදා ගැනීමෙන් ඉතා වේගවත් දර්ශන පහසුවෙන් පැහැදිලිව හසු කර ගැනීමට හැකිය. මේ සදහා තත්පරයෙන් 1/500ක් වැනි වේගයක් යොදා ගැනීම වඩා යෝග්‍ය වනු ඇත.

කාච විවරයrobin11

එමෙන්ම කාච විවරය විශාල කර ඡායා රූප ගැනීමෙන් ඔබ ඡායා රූපයට නතු කරගන්නා වස්තුව එනම් මෙහිදී කුරුල්ලන් සදහා වැඩි අවධානයක් ලබා දී පසු බිම වෙත මද අවධානයක් ලබා දිය හැකිය. මේ සදහා කාච විවරය f/2.8 හෝ f/4 වැනි සැකසීමක් සකසා ගැනීම කුරුල්ලා ගේ වර්ණයන් සහ ඉරියවු පසුබිමේ බලපෑමකින් තොරව ඉස්මතු කරලීමට උපකාරී වනු ඇත.

ISO

ෂටර වේගය සහ කාච විවරය ඔබට අවශ්‍ය පරිදි පාලනය කිරීම සිදු කර ISO අගය කැමරාවට අවශ්‍ය ලෙස පාලනය කිරීමට ඉඩදීමෙන් වඩා හොද ප්‍රථිපලයක් ලබා ගත හැකිය.

නාභි ගත කිරීමේ වේගයmale-bring-fish-5a

කුරුල්ලන් ඡායා රූප ගත කිරීමේදී තවත් වැඩි අවධානයක් යොමු කල යුතු අංගයක් වන්නේ කැමරාවේ නාභි ගත කිරීමේ වේගය ය. ඡායා රූපයට හසු කරගන්නා කුරුල්ලා වැඩිය නොසෙල්වී එක තැනක සිටින්නේ නම් ඔබට නාභි ගත කිරීම අතින් සිදු කල හැකිය. නමුත් කුරුල්ලන් යනු ඉතා සංවෙදී සතුන් වන බැවින් විශේෂයෙන්ම නවකයින් මෙසේ කිරීමට උත්සහ දැරීමෙන් වටිනා දර්ශන මග හැරී යාමට බොහෝ දුරට ඉඩ ඇත.

මෙම ගැටලුව සදහා හොදම පිලිතුර වන්නේ ඔබගේ කැමරාවේ Continuous Focus නොහොත් ස්වයංක්‍රීයව නොනවත්වා නාභි ගත කිරීමේ ක්‍රමය යොදා ගැනීමයි. මෙය AF- C හෝ AI Servo ලෙස බොහෝ විට හදුන්වනු ලැබේ. මෙහිදී කැමාරාව විසින් ස්වයංක්‍රීයවම ඡායා රූපයට ගැනෙන වස්තුවේ සිදුවන චලනයන් හදුනාගෙන ඒ අනුව නාභි ගත කිරීම සිදු කරනු ඇත.

මෙසේ ස්වයංක්‍රීයව නොනවත්වා නාභි ගත කිරීම සිදු කිරීමේදී ලැබෙන ප්‍රථිපලය කැමරාවකින් තවත් කැමරාවකට වෙනස් බැවින් ඔබගේ කැමරාවේ මෙම නාභි ගත කිරීම සිදුවන ආකාරය පිලිබදව දැනුවත්ව සිටීම ඉතා වැදගත් වේ. මෙම ක්‍රමය අත්හදා බැලීම් කර හොදින් අවබෝධ කර ගන්න. මෙසේ ඡායා රූප ගැනීම සදහා Sport Mode නොහොත් ක්‍රිඩා ඡායා රූප ගැනීමේ ක්‍රමයද යොදා ගත හැකිය.

එමෙන්ම ඔබ නවකයෙකු නම් ඔබ ඔබගේ කැමරාවට වඩ වඩාත් හුරු වන විට මෙම ස්වයංක්‍රීය ක්‍රමයන්ට වඩා ඔබ විසින් සැකසුම් සැකසීමෙන් වඩා ඉහල ප්‍රථිපල අත්කර දෙන බව ඔබට පෙනී යනු ඇත.

කුරුලු ඡායා රූප අලංකාර කර ගැනීම සදහා උපදෙස්

Bird eye

  • කුරුල්ලන් ඡායා රූප ගත කිරීමේදී හැකි සෑම විටම කුරුල්ලාගේ හිස වෙත නාභි ගත කිරීම සිදු කරන්න. කුරුල්ලාගේ ඇස් නාභි ගත කල හැකිනම් වඩාත් සුදුසුය.


  • හැකි තාක් දුරට පසුබිමට යොමු කරන අවධානය අඩු කරන්න. මේ සදහා කාච විවරය විශාලව තබා ගත හැකිය.

  • පවතින ආලෝක තත්වය පිලිබදව සැලකිලිමත් වන්න. අවශ්‍ය තාවයට අනුව ෆ්ලැෂය ක්‍රියා කරවන්න. එමෙන්ම ඉහල ISO අගයක් සහිතව ඡායා රූප ගැනීමෙන් මද ආලෝක තත්වයන් යටතේ හොද ප්‍රථිපල ලබා ගත හැකිය.

    Female House Sparrow in Flight

  • හැකි සෑම විටම කුරුල්ලාගේ නිසි හැඩය ඉස්මතුවන පරිදි ඡායා රූපයට නතු කර ගැනීමට උත්සහ කරන්න.

  • උදය කාලයේ සහ සවස් කාලයේ ආලෝක තත්වයන් කුරුල්ලන් ඡායා රූප කරනය සදහා ඉතාමත් සුදුසු ආලෝක තත්වයන් වේ.


  • සෑම අවස්ථාවකම Composition නොහොත් සංයුති නියමයන් යොදා ගැනීමට උත්සහ කිරීමෙන් ඔබගේ කුරුලු ඡායා රූපයන් වඩා උසස් තත්වයකින්  නිර්මානය කර ගැනීමට හැකි වනු ඇත.

  • මුලු රූප රාමුවම කුරුලු රූපයෙන් පිරවීමට උත්සහ කරන්න.

flying-bird-kiss

  • ඔබගේ ඡායා රූපයට පියබන අවස්ථාවන් හෝ යම් ක්‍රියාවක් සිදු කිරීමක් නතු කර ගැනීමෙන් ඡායා රූපයට වැඩි වටිනාකමක් ලබා දෙනු ඇත.


කුරුල්ලන් ඡායා රූප ගත කිරීම ඉතා ඉහල සතුටක් ගෙනදෙන ඡායා රූප කරන විශයක් වන අතර අලංකාරව කුරුල්ලන් ඔබගේ කැමරා කාචයට නතු කර ගැනීම සදහා අප රටේ ඔනෑ තරම් ස්ථාන ඇත. කුරුලු උද්‍යාන, වනාන්තර, කදු කර ප්‍රදේශ, ජලාශ පමනක් නොව ඔබගේ ගෙවත්තද ඉතා හොද ස්ථානයක් විය හැකිය. සරලවම කුරුල්ලන් සදහා ආහාර සහ ජලය ඡායා රූපයට ගැනීම සදහා පහසු ස්ථානයක් තැබීමෙන්ම ඉතා හොද කුරුලු ඡායා රූප අවස්ථා උදා කර ගත හැකිය.

ඔබගෙ ඡායා රූප කරන ව්‍යාපාරය නව තලයකට ගෙන යාමට ඔබ කැමතිද​? එසේ නම් අපගේ විශේෂ සේවයක් වන වෙබ් අඩවි නිර්මානය කර දෙන සේවාව තුලින් ඔබටත් ඉතා අඩු මිලට වැඩි වටිනාකමකින් යුත් වෙබ් අඩවියක් නිර්මානය කර ගන්න. වැඩි විස්තර සදහා මෙතනින් යන්න​.


කුරුල්ලන් සහ වනජීවී ඡායා රූප කරනය පිලිබදව වැඩි දුර දැනුමක් අවශ්‍යද? එසේනම් The Art of Photographing Wildlife eපොත ඔබ සදහාමයි.


මෙහි මා ගෙන දැක්වූ කරුනු ඔබට කුරුල්ලන් ඡායා රූප ගත කිරීම සදහා උපකාර වූයේනම් ඒ බවත්, මෙම ලිපියේ අඩුපාඩු ඇතොත් ඒවාද පහත Comments තුල ඉදිරිපත් කරන මෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි. එමෙන්ම ඔබගේ කුරුලු ඡායා රූප අපගේ කුරුලු ඡායා රූප අභියෝග ලිපිය තුල ඉදිරිපත් කරන මෙන්ද ඉල්ලා සිටිමි.


Leave a comment

Your email address will not be published. Required fields are marked *