composition-rules

ඔබගේ ඡායා රූප සදහා සංයුති නියමයන්


Composition Rules for your photos

ඡායා රූප කරනය යනු නිදහස් කලාවක් වන අතර ඔබ ඡායා රූපයක් ගැනීමේදී කාලාත්මක තාවයට අමතරව කිසිදි නීතියක් අනුගමන කල යුතු නැත. නමුත් අප යම්කිසි වස්තුවක්, පුද්ගලයෙක්, චිත්‍රයක්, මූර්තියක්, නැටුම්ක් හෝ සංගීතයක් කලාත්මක යැයි හෝ අලංකාර යැයි පවසන්නේ කෙසේද? ඔනෑම දෙයක් අලංකාර ලෙස පෙනීමට හෝ ඇසීමට එය යම් කිසි තාලයකට රටාවකට තිබීම ඉතාමත් වැදගත්‍ ය, ඒ අපගේ මොලය රටාවන් සහ තාලයන් ඉතා පහසුවෙන් මතක තබා ගැනීමට සහ හදුනා ගැනීමට විශේෂ දක්‍ෂතාවයක් දක්වන බැවිනි. මෙය ඡායා රූප කරනයේදීත් අපට පහසුවෙන්ම භාවිතා කල හැකිය. මෙය සංයුති නියමයන් නොහොත් Composition Rules ලෙස හදුන්වන අතර මෙම නියමයන් කිහිපයක් ගැන සලකා බලමු.

තුනෙන් එකේ න්‍යාය – Rule of Thirds

rule-of-thirds

ඔබගේ ඡායා රූපය සමාන කොටස් නමයකට බෙදා එම බෙදීමේ රේකාවන් මත සහ බෙදීමේ රේකාවන් එක පිට එක යන ස්ථාන මතට ඔබ ඡායා රූපයට ගැනෙන වස්තූන් පැමිනෙන සේ ඡායා රූප ගැනීම මෙම ක්‍රමයයි.

මෙසේ කිරීමෙන් ඡායා රූපයේ සමබර තාවයක් සහ ආකර්ශනීය බාවයක් ගෙන එන අතර මෙසේ ඡායා රූප ගැනීමට පහසුවක් වීම සදහා ඇතැම් කැමරාවන් වල LCD තිරයේ මෙම වෙන් කිරීමේ රේඛා දැක ගැනීමේ පහසු කම ඇත.

මෙම ක්‍රමය ඇතැම් අවස්ථාවන්හීදී ඡායා රූපයේ හිස් ඉඩක් තැබීම Leaving Space යනුවෙන් ද හැදින්වේ.

මූලිකාංග තුලනය – Balancing Elements

balancing-elements

ඉහත දැක්වූ පරිදි ඔබගේ ප්‍රධාන ඡායා රූපයට ගැනෙන වස්තුව තුනෙන් එකේ න්‍යායේ එක් රේඛාවක් මතට ගෙනවිත් අනෙක් පස හිස් ඉඩක් තැබීම ඇතැම් විටක ඡායා රූපය සමබර නොවන ගතියක් පෙන්නුම් කල හැකිය. මෙහිදී වැදගත් නොවන සහ වැඩි අවධානයක් යොමු නොවන දර්‍ශනයක් හිස් ඉඩ සදහා යොදා ගැනීමෙන් ඉහත කී හිස් බව මගහරවා ගත හැකිය.

ඇස යොමු කෙරෙන රේඛාවන් – Leading Lines

leading-lines

අප ඡායා රූපයක් දෙස බැලීමේදී සෝබාහවයෙන්ම අපගේ ඇස් රේඛා ඔස්සේ ඇදී යාමේ ප්‍රවනතාවයක් ඇත. ඔබගේ ඡායා රූපයේ ඇති රේඛාවන් සැලසුම් සහිතව පිහිටුවීමෙන් නරඹන්නා ගේ ඇස් සහ අවධානය ඔබට අවශ්‍ය පරිදි ඡායාරූපයේ ප්‍රධාන මාතෘකාව වෙත හෝ ඡායා රූපය ඇතුලත කුඩා චාරිකාවක යෑම සදහා යොමු කල හැකිය.

මෙම රේඛාවන් සෘජු, හර්ස් හෝ වක්‍රාකාර වැනි ඕනෑම ආකාරයකට පිහිටුවිය හැකිය.

සමමිතිය හා රටා – Symmetry and Patterns

symmetry-and-patterns

පරිසරයේ සැම විටකම සෝබාවයෙන්ම හෝ මිනිසුන් විසින් නිර්මානය කල සමමිති හා රටා නිර්මානය වී ඇති ආකාරය අපට දැක ගත හැකිය. මෙවැනි දර්ශන ඡායා රූප ශීල්පීන් ලෙස ඉතා ඉහල තත්වයක, නරඹන්නන් ගේ ඇස් ඇද ගන්නා සුලු ඡායා රූප නිර්මානය කිරීමට යොදා ගත හැකිය.

තවද මෙවැනි සමමිති හා රටා සමග එහි සමබර තාවය බිදී යන ආකාරයේ වස්තුවක් ඡායා රූපයට එක් කර ගැනීමෙන් ද ඉතා ඉහල ප්‍රථිපල අත් කර දෙනු ඇත.

දෘෂ්ටිකෝණය – Viewpoint

viewpoint

දෘෂ්ටිකෝණය ඔබගේ ඡායා රූප සදහා සංයුති එසේත් නැතිනම් Composition සදහා විශේෂ වටිනාකමක් එක් කරන අංගයකි. ඡායා රූපයක් ගැනීමට පෙර එම ඡායා රූපය කලාත්මක කරගැනීම සදහා ගත හැකි කෝනය පිලිබදව මදක් සිතා බලන්න. ඕනෑම දෙයක් වෙනත් කෝනයකින් දැකීමෙන් විශේෂ අලංකාරයක් ඡායා රූපයට එක් කර ගත හැකිය.

ඡායා රූපයක් ඇස් මට්ටමින් ගැනීමට වඩා තරමක් ඉහල මට්ටමක සිට, ඉතා පහල පොලෝ මට්ටමින්, පැත්තෙන් සහ පිටු පසින් වැනි ආකාරයන්ට ගැනීමට උත්සහ කරන්න.

පසුබිම – Background

background

ඇතැම් අවස්ථාවන්හීදී දර්ශනය ඉතා අලංකාර යැයි සිතා ඡායා රූප ගැනීමෙන් පසු, පසුබිමෙහි ඇති ඇතැම් වස්තූන් සහ දර්ශනයන් හේතුවෙන් එම ඡායා රූපයේ වටිනාකම සම්පූර්නයෙන්ම විනාශ වී යනු ඇත. එම නිසා ඡායා රූපයක් ගැනීමේදී පසුබිම පිලිබදවත් විශේෂ අවධානයක් යොමු කරන්න. බාදක රහිතව ඡායා රූපය ගැනීමට අපහසු අවස්ථාවන් හීදී නාභි ගත කිරීමේ ක්‍රම සහ ක්‍ෂේත්‍ර ගැඹුර පිලිබදව සලකා බලා ඡායා රූප්‍ය ගැනීමට උත්සහ කරන්න.

ක්ෂේත්ර ගැඹුර – Depth of Field 

Depth of Field

ක්‍ෂේත්‍ර ගැඹුර යොදා ගැනීමෙන් ඡායා රූපයට ගැනෙන වස්තුව පසු බිම හා එක් කිරීමට හෝ පසුබිමෙන් වෙන් කිරීමට හැකිය. එමෙන්ම ඡායා රූප කරනයේ දී ක්‍ෂේත්‍ර ගැඹුර යොදා ගැනීමෙන් ඡායා රූපයට නතුවන වස්තූන් අතර ඇති පරතරය සහ විශාලත්වය පිලිබදව අවබෝදයක් ලබා දිය හැකිය.

එමෙන්ම පසුබිමේ දර්ශන තලයන් එකින් එක පිලිවලට දැක්වීමට හැකිවීම තුලින් ද ඡායා රූපයේ ගැඹුර පිලිබඳව ඉතා හොද අවබෝධයක් ලබා දිය හැකිය.

මතුපිට ස්වභාවය – Texture

texture

මතුපිට ස්වභාවය ඉස්මතු වන ආකාරයට ඡායා රූප ගැනීමද Composition තුලින් කලාව සහ අලංකාරය ඉස්මතු කරවීමට යොදා ගත හැකි ක්‍රමයකි. එමෙන්ම ද්වී මාන තලයක ත්‍රීමාන සෝබාහවයක් ඉස්මතු කර ගැනීමට වස්තුවක මතුපිට ස්වභාවය සහ ආලෝකය පාලනය කිරීමෙන් නිර්මානය කර ගත හැකිය.

හැකි තාක් අත්හදා බැලීම් සිදු කරන්න

ඉහත පෙන්වා දුන් සංයුති නියමයන්ට අමතරව තවත් බොහෝ නියමයන් ඇත. මේ පිලිබදව හොද අවබෝදයක් ලද පසු ඔබ කැමරා කාචයෙන් දර්ශනයන් දෙස බලන සෑම විටකම දර්ශනයට වඩාත්ම ගැලපෙන සංයුති නියමය සහ ඡායා රූපය ගත යුතු ආකාරය ඔබගේ මනසට පැමිනෙනු ඇත.

ඔබගේ DSLR කැමරාවේ ඡායා රූප පටල මාරු කිරීමටවත් රූප මුද්‍රනයටවත් කරදර විය යුතු නැති බැවින් හැකි තාක් අත්හදා බැලීම් සිදු කරන්න. එක් එක් ක්‍රමයන් තුලින් හැකි තාක් ඡායා රූප ගෙන අනවශ්‍ය ඡායා රූප මකා දැමීම ඉතා පහසු කටයුත්තක් බැවින් අත්හදා බැලීම් සිදු කර හොද පලපුරුද්දක් ලබා ගැනීමට ඉතා පහසුය.

ඔබගෙ ඡායා රූප කරන ව්‍යාපාරය නව තලයකට ගෙන යාමට ඔබ කැමතිද​? එසේ නම් අපගේ විශේෂ සේවයක් වන වෙබ් අඩවි නිර්මානය කර දෙන සේවාව තුලින් ඔබටත් ඉතා අඩු මිලට වැඩි වටිනාකමකින් යුත් වෙබ් අඩවියක් නිර්මානය කර ගන්න. වැඩි විස්තර සදහා මෙතනින් යන්න​.

ඔබ ඔබගේ ඡායා රූප සදහා මෙම Composition Rules නොහොත් සංයුති නියමයන් භාවිතා කරන්නේද? එසේනම් මෙම ක්‍රමයන් පිලිබදව ඔබගේ අදහස් දක්වා මෙම ක්‍රමයන්ට අදාලව ඔබ ගත් ඡායා රූප අපගේ Facebook group එකෙහි ඉදිරිපත් කරන්න.

Leave a comment

Your email address will not be published. Required fields are marked *