ආලෝක රේඛා ඡායා රූප කරනය​ 1


Tips to Shoot Light Trails

ඔනෑම ඡායා රූප ශිල්පියෙක් ආලෝක රේඛා Light Trails ඡායා රූප කීපයක් තම ඡායා රූප එකතුවට එක්කර ගැනීම අනිවාර්‍යයෙන් සිදු කරන දෙයකි. නමුත් නවක ඡායා රූප ශිල්පීන්ට මෙ ආකාර ඡායා රූපයක් ගැනීම තරමක ගැටලුවක් විය හැකි බැවින් මෙ ලිපියෙන් ඉතා අලංකාරව ආලෝක රේඛා ඡායා රූපයක් ගන්නේ කෙසේද යන්න අපි සොයා බලමු.

ඡායා රූප සඟරා වල හෝ අන්තර්ජාලයේ මෙම අලෝක රේඛා නැතහොත් අලෝක මග සටහන් ඡායා රූප ඔබ දැක ඇතුවාට කිසිදු සැකයක් නැත​. මෙම ඡායා රූප වල සිත් ඇදගන්නා සුලු අලංකාරයම ඔනෑම ඡායා රූප ශිල්පියෙකුව මෙවැනි ඡායා රූප ගැනීමට පෙලබවීම සාමන්‍යය දෙයකි. ඇත්තෙන්ම මෙවැනි මද ආලෝක තත්වයන් යටතේ වැඩි කාලයක් නිරාවරනය වන ආකාරයේ ඡායා රූප ගන්නේ කෙසේද යන්න සමහර විට ඔබට ගැටලුවක් විය හැකිය. නමුත් මෙම ලිපිය කියවීමෙන් පසුව එය ඔබට එතරම් ගැටලුවක් නොවනු ඇත​.

ආම්පන්න

ආලෝක රේඛා ඡායා රූප කරනය සදහා ඔබ යොදා ගන්නා කැමරාව සතුව ෂටරයේ වේගය පාලන හැකියාව තිබේම ඉතා අත්‍යාවශ්‍ය අංගයකි. සම්පූර්නයෙන් ඔබ විසින් ෂටරයේ වේගය පාලනය කිරීම හෝ ෂටරය ප්‍රමුක සැකසුම් කල හැකිනම් ඒ ප්‍රමානවත්‍ ය​. ඔබගේ සාමන්‍ය DSLR කැමරාව 18-55 mm සාමාන්‍ය කාචයත් සමග ඉතාමත් යෝග්‍යය​.

දිගු කාලයක් ෂටරය විවර කර තැබිය යුතු බැවින් නොසෙල්වී කැමරාව අතේ තබා ගැනීම අපහසු බැවින් ත්‍රී පාද ආධාරකයක් හෝ කැමරාව නොසෙල්වී රදවා තබා ගැනීමට වෙන යම් ආකාරයක් තිබීමත් ඉතා වැදගත්‍ ය. දුරස්ථ පාලන ෂටර ක්‍රියා කරවන්නක් එක් කර ගත හැකිනම් ෂටරය ක්‍රියා කරවීමේදී ඇතිවන සෙලවීම් වලකා ගත හැකිය​.

කැමරා සැකසීම්

ආලෝක රේඛා ඡායා රූප ගත කිරීමේදී වැඩි අවදානයක් යොමු කල යුත්තේ ෂටරයේ වේගයට සහ කාච විවරය වෙතටයි නමුත් මෙවන් ඡායා රූප සදහා ISO සහ Histogram සැකසුම් පිලිබදවත් සැලකිලිමත් වන්නේ නම් ඉතා ඉහල තත්වයේ ඡායා රූපයක් ලබා ගත හැකිය​.

ෂටරයේ වේගය

ෂටරයේ වේගය තීරනය කල යුත්තේ ගමන් කරන රථයේ වේගය අනුවය​. එනම් රථය සම්පූර්නයෙන්ම දර්ශන තලය හරහා ගමන් කිරීම සදහා තත්පර 10 ක් හෝ 20ක් අතර කාලයක් ෂටරය විවරවී තිබිය යුතුය​. ඡායා රූප කීපයක් ගෙන හොදින්ම ගැලපෙන සැකසුම අවස්ථාව අනුව සකසා ගන්න​. මේ සදහා හොදම ක්‍රමය වන්නේ ඔබගේ කැමරාවේ Bulb Mode හෙවත් ෂටරය ඔබට අවශ්‍යවිට වැසීමේ ක්‍රමය තිබේනම් එය භාවිතා කිරීමය. මෙසේ කරන්නේ නම් දුරස්ථ පාලකයක් මගින් ෂටරය පාලනය කිරීම අනවශ්‍ය සෙලවීම් වලක්වා ගැනීමට ඉතා හොද ක්‍රමයකි.

කාච විවරය

කාච විවරය සදහා සාමන්‍යයෙන් f/8 වැනි මධ්‍යම සැකසීමක් මුලින්ම් යොදා ගන්න. මෙහිදීත් ඡායා රූප කීපයක් ගෙන හොදින්ම ගැලපෙන සැකසුම අවස්ථාව අනුව සකසා ගන්න​. ඔබ ගන්නා ඡායා රූපය මද නිරාවර්නය හෝ අධි නිරාවරනයට හසු වී නම් කාච විවරය විශාල හෝ කුඩා කර අත්හදාබැලීම් කරන්න​. කාච විවරය විශාල කිරීමත් සමග ක්‍ෂේත්‍ර ගැඹුර අඩු වන බවත් එමගින් අවට පරිසරය බොදවී යා හැකි බවත් සිහි තබා ගන්න​.

ISO

හැකි තාක් අවම ISO සැකසුම් යොදා ගැනීමෙන් අන්වශ්‍ය ඝෝෂා කාරී බව මග හරවා ගත් හැකිය​.

Histogram

ඔබගේ ආලෝක රේකා ඡායා රූපය අසාර්ථක කල හැකි එක් දෙයක් වන්නේ අන්වශ්‍ය ලෙස වැඩි ආලෝකයක් විහිදමින් දැල්වෙන වීදි ලාම්පුවක් හෝ වාහන වල ප්‍රධාන ලාම්පු විය හැකිය. මෙම අන්වශ්‍යය ආලෝකය ඔබට නිවා දැමීමට නොහැකි බැවින් ඔබගේ කැමරාවේ Histogram සැකසුම් ඔබට යොදා ගත හැකිය​. Histogram ප්‍රස්තාරයේ දකුනු පස ඉතා ඉහල අගයක් දක්වන්නේ නම් අන්වශ්‍ය ලෙස දැඩි ආලෝක නිරාවරනයන් වලකා ගැනීමට සැකසීම් නැවත සකසන්න​.

ඉහත සැකසීම් සැකසීම ඔබට අපහසුනම් ඔබගේ කැමරාවේ Shutter Priority Mode ෂටරය ප්‍රමුක සැකසුම යොදා ගනිමින් ඡායා රූපය ගැනීමට උත්සහ කරන්න​.

ආලෝක රේඛා ඡායා රූප අලංකාර කර ගැනීම සදහා උපදෙස්

අදුරු වැටුනු පසු වාහන ගමන් කරන පාරක් ලගට ගොස්  ඉහත පෙන්වා දුන් ආකාරයට ආලෝක රේඛා ඡායා රූප නොහොත් Light Trails ඡායා රූප ගැනීම ඉතා පහසු කටයුත්තකි. නමුත් ඔනෑම ඡායා රූපයක කලාත්මක බාවය ඉහල නන්වා ගැනීමටත් ඡායා රූපයට වටිනා කමක් එක් කර ගැනීමටත් නිර්මානශීලීව සිතීමට හැකිවීම ඉතා වැදගත් වේ. ඒ සදහා සැලකිලිමත් විය යුතු කරුනු කීපයක් පහත දැක්වේ.

  • මෙම ඡායා රූප සදහා හොදම වේලාව රාත්‍රී කාලය වූවත් හිරු බැස යන වේලාවේ සිට අත්හදා බැලීම් කිරීමෙන් රාත්‍රී අදුරට වඩා අලංකාර අහසක් ඡායා රූපයට නතු කර ගත හැකි වනු ඇත​.


  • මෙම ඡායා රූප සදහා සුදුසුම ස්ථානයන් වන්නේ සාමන්‍ය පාර මට්ටමට වඩා තරමක් උස් ස්ථානයන් ය​. එමෙන්ම වැඩි දුරකට පාර දිස්වීම සහ කදුකර සහ වංගු සහිත පාරවල් මේ සදහා ඉතා යෝග්‍යය.


  • නගරබද ඡායා රූප සදහා ගොඩනැගිලි ස්ථාන සහ මාර්ග කීපයක් නොයෙක් අතට ගමන් කරන ස්ථානද​. ඉහත දැක්වූ පරිදි කදුකර මාර්ග සහ වංගු සහිත මාර්ග ඉතා ඉහල ආලංකාරයක් ඔබගේ Light Trails ඡයා රූපයට එක් කරනු ඇත​

  • ඡායා රූප සදහා Composition Rules නොහොත් සංයුති නියමයන් වශයෙන් ඇස යොමු කෙරෙන රේඛාවන් Leading Lines, දෘෂ්ටිකෝණය Viewpoint සහ ක්‍ෂේත්‍ර ගැඹුර Depth of Field වැනි කරුනු පිලිබද සැලකිලිමත් වන්න​. මේ පිලිබදව වැඩි විස්තර සදහා ඔබගේ ඡායා රූප සදහා සංයුති නියමයන් ලිපිය කියවන්න​.

  • නරඹන්නන් ගේ අවධානය ආලෝකා රේකා වලට නතු වන පරිදි පසුබිම් දර්ශන අවම අවධානයක තැබීමට උත්සහ කරන්න​.

  • වාහනය දර්ශන තලයට ඇතුලත් වීමට ප්‍රථම ෂටරය විවර කිරීමෙන් සහ දර්ශන තලයෙන් පිට්වූ පසු ෂටරය වැසීමෙන් ඉතා අලංකාර ඡායා රූපයක් නිර්මානය කර ගත හැකිය​.


මෙම ආලෝක රේඛා හෝ ආලෝක මග සලකුනු ඡායා රූප ගත කිරීම ඔබට ඡායා රූප ශිල්පියෙකු ලෙස ඉතා සතුටක් සහ  උද්‍යෝගයක් ගෙන එනු නියතය. හැකි තාක් අත්හදා බැලීම් කරන්න එමෙන්ම ආරක්‍ෂාව පිලිබදව ඉතාමත් සැලකිලිමත් වන්න​. මෙම ඡායා රූප ගැනීම රාත්‍රී කාලයේ සිදු කරන බැවින් හැකි නම් මිතුරෙකු එක් කර ගන්න​. කදු, පර්වත​, අට්ටාල වලට නැගීමේදී ඔබ සහ ඔබගේ වටිනා කැමරාවන් ආරක්‍ෂා කර ගන්න​. එමෙන්ම සොර සතුරන් පිලිබදවද සැලකිලිමත් වන්න​.

ඔබගෙ ඡායා රූප කරන ව්‍යාපාරය නව තලයකට ගෙන යාමට ඔබ කැමතිද​? එසේ නම් අපගේ විශේෂ සේවයක් වන වෙබ් අඩවි නිර්මානය කර දෙන සේවාව තුලින් ඔබටත් ඉතා අඩු මිලට වැඩි වටිනාකමකින් යුත් වෙබ් අඩවියක් නිර්මානය කර ගන්න. වැඩි විස්තර සදහා මෙතනින් යන්න​.

මේ ලිපිය පිලිබදව ඔබගේ අදහස් සහ ඔබගේ ආලෝක රේඛා ඡායා රූප මෙහි පල කර මෙම ලිපියට ඔබගේ දායකත්වයද දක්වන මෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි.


Leave a comment

Your email address will not be published. Required fields are marked *

One thought on “ආලෝක රේඛා ඡායා රූප කරනය​

  • suranga dinesh wimalasiri

    watina lipiyak.igena ganna godak dewal kiyala thiyanawa.pahasuwen terum ganna puluwan.me wage wadagath lipi balaporothtu wenawa.thanks.