dslr-camera-modes

DSLR කැමරාවේ ඡායා රූප ගැනීමේ ක්‍රම 3


DSLR Camera Modes

DSLR කැමරාවක් මිලදී ගත් විටදී නවකයකුට උවද එම කැමරාවෙන් උසස් තත්වයේ ඡායාරූප ගැනීම සදහා කැමරාව තුලම කලින් සකසන ලද, කැමරාව තුල ඇති පරිගනකයෙන් පාලනය වන ක්‍රම කීපයක්ම ඇතුලත්ව පැමිනේ. මෙම ක්‍රම නවකයන්ට ඉතාමත් ප්‍රයෝජනවත් වන අතර පලපුරුදු ඡායා රූප ශිල්පියෙකුට උවද ඉක්මනින් හදිසි ඡායා රූප ගැනීමට අවශ්‍ය අවස්ථාවන් වලදී ප්‍රයෝජනවත්‍ ය.

දැන් අපි මෙම DSLR Camera Modes හදුනාගෙන ඒවා බාවිතා කිරීමට සුදුසුම අවස්ථාවන් විය හැක්කේ මොනවාද යන්න හදුනා ගනිමු.

 ස්වයංක්‍රීය ක්‍රමය Auto Mode

auto-camera-mode-1

මෙම ක්‍රමයේදී Shutter speed ෂටරයේ වේගය, Aperture කාච විවරයේ ප්‍රමානය, ISO සහ Flash ෆ්ලෑෂය පාලනය කැමරාව විසින්ම තීරනය කරයි. පවතින ආලෝක තත්වය තුල ඉහලම ප්‍රථිපල ලබාදීම සදහා කැමරාව තුල ඇති පරිගනකය අවශ්‍ය සියලු සැකසුමක්ම සිදු කරනු ලබයි. ඔබ කල යුත්තේ අවශ්‍ය ආකාරයට කැමරාව එල්ල කර බොත්තම එබීම පමනි.
මෙම ක්‍රමය කැමරාව නිසි පරිදි පාලනය කිරීමට නොදන්නා නවකයයින්ට ඉතා යෝග්‍යය. එමෙන්ම හදිසි අවස්ථාවන් සදහා පලපුරුදු ශිල්පීන්ට උවද බාවිතා කල හැකිය.
ඉතා හොද ආලෝක තත්වයන් යටතේ මෙම ක්‍රමය ඉතා හොද ප්‍රථිපල ලබා දෙන අතර ආලෝකය මදි අවස්ථාවන්හීදී ෆ්ලැෂය ක්‍රියා කරවයි. ඇතැම් අවස්ථාවන් වලදී ෆ්ලැෂය අනවශ්‍ය විටදීද ක්‍රියාත්මක වීම මෙම ක්‍රමයේ ගැටලුවකි. මෙම ක්‍රමය පරිගනකයක් විසින් පාලනය කරනු ලැබුවත් දක්ශ පලපුරුදු කලාත්මක ඇසක් ඇති ශිල්පියෙකුගේ සැකසීම් වලට සම කිරීමට තරමක් අපහසුය.

පුද්ගල ඡායාරූප ක්‍රමය Portrait Mode

portrait-camera-mode-1

මෙම ක්‍රමයේදී කැමරාව ස්වයංක්‍රීයවම නොගැඹුරු ක්‍ෂේත්‍ර ගැඹුරක් සදහා සකස් වන අතර ලග ඇති රූපය වෙත වැඩි අවදානයක් යොමු කර පසුබිම සදහා මද අවදානයක් යොමු කරයි. හොදින් හිරු එලිය ඇතැත් යම් අවස්ථා වලදී ඡායා රූපයට ගැනෙන රූපයෙන් පරාවර්තනය වන ආලෝකය මද බවක් කැමරාව හදුනා ගත හොත් ස්වයංක්‍රීයවම ෆ්ලැෂය ක්‍රියාත්මක වී එම අඩුපාඩුව පුරවයි.

කුඩා වස්තූන් විශාල කිරීමේ ක්‍රමය Mecro Mode

macro-camera-mode-1

මෙම ක්‍රමය ඉතා කුඩා වස්තූන් හෝ කුඩා සතුන් ඡායා රූපයට ගැනීම සදහා යෝග්‍යය. මෙහිදී උසස් ප්‍රථිපල අත්කර ගැනීම සදහා මේ සදහාම නිර්මානය කරන ලද Macro කාච බාවිතා කල යුතු වන අතර මෙයත් ඉහත Portrait ක්‍රමය ලෙසම ඉතා හොද ආලෝක තත්වයන් යටතේ නොගැඹුරු ක්‍ෂේත්‍ර ගැඹුරක් තුල ක්‍රියාත්මක වේ.

ආලෝකය මද අවස්ථාවන් හීදී Tripod හෙවත් ත්‍රිපාදයක් බාවිතා කිරීමෙන් ෂටරය වැඩි වේලාවක් විවර වී තිබීමේදී ඇතිවිය හැකි සෙලවීම් නිසා ඇතිවන අපහැදිලි තාවයන් මග හරවා ගත හැකිය.

එමෙන්ම Focus නාභි ගත කිරීමේදී වඩා ප්‍රවේසම් විය යුතුය. එයට හේතුව මෙහිදී ඉතා කුඩා නොගැඹුරු ක්‍ෂේත්‍ර ගැඹුරක් යොදා ගන්නා බැවින් කැමරාව සුලු වශයෙන් සෙලවූවත් ඉතා විශාල ලෙස බලපාන බැවිනි.

භූදර්ශන ඡායා රූප ගත කිරීමේ ක්‍රමය Landscape Mode

landscape-camera-mode-1

මෙම ක්‍රමයේදී වැඩි ක්‍ෂේත්‍රයකට අවධානය යොමු කිරීම සදහා කැමරාව විසින් කුඩා කාච විවරයක් යොදා ගැනේ. පැරනි කැමරාවන් හී මෙම ඡායා රූප ක්‍රමය ක්‍රමය Infinity අනන්තය ලෙස ∞ ලකුන සහිතව පෙන්වයි.

මෙම ක්‍රමය බාවිතා කර ඡායාරූප ගැනීමේදී පුලුල් කාච Wide Lens යොදා ගැනීමේන් ඉතා ඉහල ප්‍රථිපල අත් කර ගත හැකි වන අතර හොද ආලෝකයක් තිබීම ඉතා වැදගත් වේ. ආලෝකය මද අවස්ථාවන් හී ෆ්ලැෂය ක්‍රියාත්මක වන අතර Tripod ත්‍රිපාධ ආධාරකයක් බාවිතා කිරීමෙන් ඉතා හොද ප්‍රථිපල අත්කර ගත හැකිය.

ක්‍රීඩා ඡායා රූප ගත කිරීමේ ක්‍රමය Sports Mode

sports-camera-mode-1

ක්‍රීඩා ඡායා රූප ගත කිරීමේදී ෂටරයේ වේගය ඉතා වැදගත් වන අතර අපැහැදිලි තාවයෙන් තොරව වේගවත් දර්ශන ඡායා රූප ගත කිරීම සදහා මෙම ක්‍රමයේදී තත්පරයෙන් 1/500 යේ සිට 1/1000 ත් අතර වේගයකින්‍ ෂටරය ක්‍රියාත්මක වේ. වැඩි ආලෝක තත්වයන් යටතේ ඉතා හොද ප්‍රථිපල ලබා දෙන අතර දිගු නාභි දුරක් ඇති කාච බාවිතා කිරීමෙන් පසුබිමට වඩා වැඩි අවදානයක් ක්‍රීඩකයා කෙරෙහි ලබා දීමට සහ ඉතා දුර දරශන පවා පහසුවෙන් ඡායා රූප ගත කිරීමද කල හැකිය. එමෙන්ම මෙම ක්‍රීඩා ක්‍රමය තුල එක දිගට ඡායා රූප කීපයක් ගැනීමේද හැකියාවක් ඇත. ක්‍රීඩාවන් ගේ උනුසුම් අවස්ථා මග නොහැර කැමරාවට හසු කර ගැනීමට මෙය ඉතා වටිනා ක්‍රමයකි.

රාත්‍රී පුද්ගල ඡායාරූප ක්‍රමය  Night Portrait Mode

night-portrait-mode-1

මෙම ක්‍රමයේදී පසුබිම් ආලෝක තත්වය සහ ඡායා රූපයට ගැනෙන පුද්ගලයාගේ ආලෝක තත්වය සමබර කිරීමට කැමරාව උත්සහ කරයි. කාච විවරය අවශ්‍ය පමන ආලෝකය ලබා ගැනීමට තරමක් විශාලව විවර වන අතර එය කැමරාව ඉදිරියේ සිටින පුද්ගලයාට හෝ වස්තුවට වැඩි අවදානයක් ලබා දීමට ප්‍රයෝජනවත් වේ.

මෙම ක්‍රමයේදී ෆ්ලැෂය ක්‍රියාත්මක වන අතර අව්ශ්‍ය විට දෙවරක් ෆ්ලැෂය ක්‍රියාත්මක කර දෙවරක් නිරාවරණය වීම වැනි අලංකාරයක් ඡායා රූපයට ලබා දිය හැකිය.

තවත් ක්‍රම More Camera Modes

DSLR කැමරා තුල තවත් ඡායා රූප ගැනීමේ ක්‍රම ඔබට දැක ගත හැකිය. ඒවා නම් M (manual) ඔබ විසින් සියලු සැකසුම් සැකසිය යුතු ක්‍රමය, AV (Aperture-Priority) ඔබ විසින් කැමරා කාචයේ විවරය සැකසූ පසුව කැමරාව විසින් අනෙකුත් සැකසුම් කරන ක්‍රමය, TV හෝ S (Shutter-Priority) ඔබ විසින් ෂටරයේ වේගය සැකසූ විට අනෙකුත් සැකසුම් කැමරාව විසින් සකසන ක්‍රමය සහ P (Programmed Auto) සැලසුම් කල හැකි ස්වයංක්‍රීය ක්‍රමය යන ක්‍රමයන්‍ ය.

ඉහත පෙන්වාදුන් ක්‍රම නවකයන් සදහා වඩාත් සුදුසු මෙන් පෙනුනත් මෙම ක්‍රම මෙම වටිනා කැමරාවන් තුලට ඇතුලත් කර ඇත්තේ සියලුම ඡායාරූප ශිල්පීන් ගේ ප්‍රයෝජනය සදහාය. එබැවින් මෙම ක්‍රම යොදා ගෙන අත්හදා බැලීම් කරන්න, පර්‍යේෂන කරන්න එම ප්‍රථිපල අධ්‍යනය කරන්න. එමෙන්ම සූක්‍ෂමව සැකසුම් කර ගැනීමට කාලයක් නොමැති අවස්ථාවන් වල බාවිතයට ගැනීම සදහාද මෙම ක්‍රම පිලිබදව දැන සිටීම ඉතා වැදගත්‍ ය.
මෙම ක්‍රම පිලිබදව වැඩි විස්තර ඉදිරියේදී SL Photography තුලින් බලාපොරොත්තු වන්න.


Leave a comment

Your email address will not be published. Required fields are marked *

3 thoughts on “DSLR කැමරාවේ ඡායා රූප ගැනීමේ ක්‍රම