kids-photography-tips

ළමුන් ගේ ඡායා රූප ගැනීම සදහා උපදෙස්


Kids Photography Tips

ළමුන් ගේ ඡායා රූප ගැනීම බොහෝ විට අපහසු නමුත් ඉතා විශාල සතුටක් ගෙන දෙන්නකි. කුඩා ළමුන් වෙගයෙන් වැඩෙන බැවින් ඔවුන් ගේ හුරතල් කෙලිලොල් ළමා කාලය ගෙවී යන්නේ ඉතා වේගයෙනි. එබැවින් එම ළමා කාලයේ මතක සටහන් පැහැදිලිව සටහන් කර නොගත හොත් නැවත එම මතකයන්ට යාමට කිසි දිනක නොහැකිය.

කුඩා ළමුන්ව අප කැමති ඉරියවුවන් හී තබා ඡායා රූප ගැනීම කිසිසේත්ම කල නොහැක්කක් සේම එසේ කිරීමට තැත් කර ගන්නා ඡායා රූපද කිසිදු වටිනාකමකින් යුක්ත නොවන්නේය, එබැවින් අද මෙම ලිපියෙන් අපි සොයා බලමු කුඩා ළමුන් ගේ ඡායා රූප ගැනීම සාර්ථක කර ගැනීම සදහා අප පිලි පැදිය යුතු කරුනු මොනවාද කියා.

ආම්පන්න

monopod-1

ඔබගේ සාමන්‍ය DSLR කැමරාව 18-55 mm සාමාන්‍ය කාචයත් සමග පහසුවෙන්ම ළමුන් ගේ ඡායා රූප ගැනීම සදහා යොදා ගත හැකිය. නමුත් ඔබ ආලෝකය අඩු ස්ථානයන්හී ඡායා රූප ගන්නේ නම් ඔබගේ කැමරාවේ ෆ්ලැෂය සහ ඇතැම් විටක අමතර ෆ්ලැෂයක්ද  භාවිතා කල හැකිය. ඔබ ෆ්ලැෂය යොදා ගන්නේ නම් ෆ්ලැෂයේ ආලෝකය කෙලින්ම නොවදින පරිදි පරාවර්තකයක් යොදා ගැනිමෙන් අනවශ්‍ය තියුනු ආලෝකයන් සහ සෙවනැලි මග හරවා ගත හැකිය.

එමෙන්ම ළමුන් සමග ළමා උද්‍යානයකට හෝ ක්‍රීඩා පිටියකට ගොස් ඡායා රූප ගැනීමට සැලසුම් කරන්නේනම් Mono pod හෙවත් තනි පාදයේ ආධාරකයක් ප්‍රයෝජනවත් වනු නියතය.


කැමරා සැකසීම්

ළමුන් ගේ ඡායා රූප ගැනීමට යාමේදී කැමරාවේ සැකසුම් කිරීම් සදහා වැඩි කාලායක් වැය කිරීමෙන් ඔබගේ වටිනා කාලය අපතේ නොයවා ගැනීම සදහා ළමුන් ගේ ඡායා රූප ගැනීමේදී සැලකිලිමත් විය යුතු කැමරා සැකසීම් කීපයක් පහත ඉදිරිපත් කර ඇත. මෙම සැකසීම් පිලිබදව වැඩි විස්තර සදහා නිරාවරණය ලිපිය කියවන්න.

ෂටරයේ වේගය

Shutter Speed for Kids Photography

ළමුන් බොහෝවිට ක්‍රියා ශීලී සහ වේගවත් බැවින් හොද ආලෝක තත්වයන් යටතේ ෂටරයේ වේගය තරමක් වේගවත්ව තබා ගන්න. මෙය තත්පරයෙන් 1/250ක් වැනි වේගයක තබා ගැනීමෙන් ළමුන් ගේ දැඟලිලි පැහැදිලිව ඔබගේ කැමරාවේ සටහන් කර ගත හැකිය. ආලෝක තත්වය අඩුනම් ෆ්ලැශය භාවිතා කිරීමේදී ෂටරයේ වේගය අඩු කර ගන්න.

කාච විවරය

Aperture Priority in Kids Photography

කාච විවරය තරමක් විශාලව තබා ගැනීමෙන් පසු බිම වෙත මද අවධානයක් යොමුකර ළමයා වෙත වැඩි අවධානයක් යොමු කල හැකිය. උදාහරනයක් ලෙස f/5 හෝ එයටත් අඩු පරාසයක තබා ගැනීම යෝග්‍යය. මෙහිදී ආලෝක තත්වය පිලිබදව සැලකිලිමත් වීමද වැදගත්‍ වේ.
මේ සදහා වඩාත්ම සුදුසුම සැකසුම වන්නේ Aperture Priority නොහොත් කාච විවරය ප්‍රමුක කරගත් සැකසුමයි. මෙහිදී ඔබට අවශ්‍ය පරිදි ක්‍ෂේත්‍ර ගැඹුර පාලනය කර ගත හැකි වන අතර කැමරාව විසින් ෂටරයේ වේගය සහ ISO අගය පාලනය කරනු ලබයි. මේම ක්‍රම පිලිබදව වැඩි විස්තර සදහා DSLR කැමරාවේ ඡායා රූප ගැනීමේ ක්‍රම ලිපිය කියවන්න.

ISO

iso settings for kids photography

ISO අගය තරමක් වැඩිව තබා ගන්න. මෙසේ කිරීමෙන් ඔබට ඉතා තියුනු ඡායා රූප ගත හැකි වනු ඇත. මෙසේ කිරීමේදී තරමක ගෝශා කාරී තත්වයක් ඇති වුවද ඡායා රූප වල තියුනු සෝබාවය එම දෝශය මග හරවනු ඇත. ISO උපරිම අගය 800 හෝ 1600 අතර තබා Auto ISO ක්‍රියාත්මක කර තබා ගන්න.

ළමුන් ගේ ඡායා රූප අලංකාර කර ගැනීම සදහා උපදෙස්

Day Light Kids Photography

  • එලිමහනේ ඡායා රූප ගැනීම සදහා උදේ වරුවේ හෝ සවස් වරුවේ යොදා ගන්න. මන් ද දහවල් හිරු රැස් ඡායා රූප සදහා දැඩි ආලෝකී තත්වයක් ලබා දැන අතර ළමුන් ද අපහසු තාවයට පත් කරනු ඇත.


  • දහවල් කාලයේ නිවෙස් තුල ඡායා රූප ගන්නේ නම් හොද ආලෝකයක් ලබා ගැනීම සදහා ජනේලයක් ලගට යන්න.

kids photography poses

  • ළමුන්ව බලෙන් ඉරියවු සදහා යොමුකර සිනා සීමට පැවසීමට වඩා ඔවුන් ගේ සෝබාවික ක්‍රියා තුලින් සිනහාවන් සහ හැගීම කැමරාවට නතු කර ගැනීමට උත්සහ කරන්න.


  • ඡායා රූප ගැනීමේදී පසුබිමේ ඇති වස්තූන් කෙරෙහි සැල කිලි මත් වන්න.

  • අප නොසිතන වේලාවන් හී ඉතා අනර්ග ඡායා රූප ගත හැකි ඌවත් ඔබ ළමුන් ගේ ඡායා රූප ගැනීමේදී කලින් සැලසුම් කර, ළමුන්ව අලංකාර නමුත් සැහැල්ලු ඇදුමින් සරසා ඔවුන්ට සතුටු විය හැකි ස්ථානයකට එක්කර ගෙන යාමෙන් ඉතා හොද ඡායා රූප ලබා ගත හැකි වීම අනිවාර්‍යයි.

  • ඔබවත් ඔබගේ කැමරාවත් ළමයින්ට හුරු කරවන්න. ඔවුන්ට ඔබ ඡායා රූප ගැනීමේදී බය වීමටවත් ලැජ්ජා වීමටවත් ඉඩ නොතබන්න. එමෙන්ම කිසිදු විශේෂත්වයක් නොදක්වන්න ඔබත් කුඩා ළමයෙකු මෙන් වන්න. එමෙන්ම දෙමවුපියන් ගේ පේන මානයේ නිතරම සිටින්න.

  • ක්‍රීඩා ශීලී ළමුන් ගෙන් හොද ඉරියවුවක් පැමිනෙන තුරු නොසිට ළමුන් ක්‍රීඩාවේ යෙදෙන විට නොනවත්වා ඡායා රූප ගත කරන්න. මේ සදහා Sport Mode  නොහොත් ක්‍රීඩා සැකසුම යොදා ගත හැකිය.

Photographing playing Kids

  • ළමුන්ට ක්‍රීඩා භාන්ඩ කීපයක් ලබා දී ඔවුන් ගේ ක්‍රීඩා කිරීම් කැමරාවට නතු කර ගන්න. මේ සදහ හුලන් පුම්බන බෝල හෝ සබන් බෝල පුම්බන ක්‍රීඩා භාන්ඩ ඉතා යෝග්‍යය.


  • ඡායා රූප ගැනීම පිලිබදව විශේෂත්වයක් නොදැක්වීමට දෙමවුපියන්ට උපදෙස් දෙන්න.

kid-photography-group

  • කන්ඩායම් ඡායා රූප ගැනීමට අමතක නොකරන්න.


  • ඔබගේම දරුවන් ගේ ඡායා රූප ගන්නේ නම් ඔවුන් ගේ එදිනෙදා ක්‍රියාවන් ඡායා රූපයට ගන්න.

kids-photography-tips

  • කුඩා ළමුන් සමග කතා කරමින් කුඩා ප්‍රශ්න අසමින් ඔවුන් ගේ මුහුනින් ප්‍රකාශ වන හැගීම් සහ ඉරියව් කැමරාවට නතු කර ගන්න.


  • සෑම විටම Compositions නොහොත් සංයුති නියමයන් යොදා ගැනීමට උත්සහ කරන්න.

  • ළමුන් ගේ ඡායා රූප ගැනීමේදී එම ගන්නා ඡායා රූප ඔබ නරඹමින් සහ දෙමව්පියන්ට පෙන්වමින් කාලය අපතේ නොයවන්න.


ළමුන් ගේ ඡායා රූප ගැනීම තරමක් අපහසු ඌවත් එය ඔබව නැවතත් ඔබගේ ළමා කාලයට ගෙන යාමේ සතුටක් අනිවාර්‍යයෙන්ම ලබා දෙනු ඇත. ඔබට එසේ නොදැනේනම් ඔබ සාර්ථකව ළමුන් ගේ ඡායා රූප ගැනීම සදහා ඔවුන් ගේ ලෝකයට ගොස් නොමැත.


කුඩා ළමුන් ගේ ඡායා රූප ගැනීම පිලිබදව වැඩි දුර දැනුමක් අවශ්‍යද? එසේනම

Click- kids photography eපොත ඔබ සදහාමයි.


ළමුන් ගේ ඡායා රූප කරනය පිලිබදව ඔබ යමක් ඉගෙන ගත්තේ නම් එය මාගේ සතුටය, එමෙන්ම මේ පිලිබදව ඔබගේ අදහස්ද දැන ගැනීමට මා ඉතාමත් සතුටුය එබැවින් එම අදහස් පහතින් ඉදිරි පත් කරන්න. එමෙන්ම මේ සතියේ ඔබට SL Photography වෙතින් ලබා දෙන සතියේ ඡායා රූප අභියෝගය වන්නේද ළමුන් ගේ ඡායා රූප ගැනීමය. අපගේ අභියෝග පිටුවට මෙතනින් පිවිස ඔබගේ ඡායා රූපද එක් කරන්න අමතක නොකරන්න.

ඔබගෙ ඡායා රූප කරන ව්‍යාපාරය නව තලයකට ගෙන යාමට ඔබ කැමතිද​? එසේ නම් අපගේ විශේෂ සේවයක් වන වෙබ් අඩවි නිර්මානය කර දෙන සේවාව තුලින් ඔබටත් ඉතා අඩු මිලට වැඩි වටිනාකමකින් යුත් වෙබ් අඩවියක් නිර්මානය කර ගන්න. වැඩි විස්තර සදහා මෙතනින් යන්න​.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *