Shutter Speeds for Waterfall Photography

දිය ඇලි ඡායා රූප කරනය සදහා ෂටර වේගයන්


Shutter Speeds for Waterfall Photography

දිය ඇල්ලක් හෝ වෙනත් ඕනෑම දර්ශනයක් ඡායා රූපයට ගැනීමේදී ෂටරයේ වේගයන් හෝ අනෙකුත් සැකසුම් සැකසීම සම්පූර්නයෙන්ම ඔබගේ කැමැත්ත අනුව සිදු විය යුතු දෙයකි. නමුත් මෙම ලිපියෙන් ඔබව Waterfall photography නොහොත් දිය ඇලි ඡායා රූපයට ගැනීමේදී ෂටර වේගය සැකසිය යුතු ආකාරය මෙයයි කියා සීමා කිරීමකට වඩා ඔබට පහසුවක් වන පරිදි සහ අත්හදා බැලීම් කිරීම සදහා ෂටර වේගයන් කීපයකින් ලැබෙන ප්‍රථිපලයන් පිලිබදව ඔබව දැනුවත් කිරීමයි මාගේ අදහස වන්නේ.

මෙම ඡායා රූප පෙල Digital Photography School අඩවිය තුල පලවූ Picking A Waterfall Shutter Speed For The Best Look ලිපියෙන් ලබා ගත් අතර මෙම ලිපියේ කතෘ වන Peter West Carey සදහන් කර ඇති පරිදි වොෂින්ටන් ජනපදයේ ස්නෝකුල්මී දිය ඇල්ලේන් Snoqualmie Falls in Washington state ගත් ඡායා රූප පෙලකි.

එමෙන්ම් දිය ඇල්ලක ඇති වතුර ප්‍රමානය වැඩි වීම ඡයා රූපය අලංකාර වීමට ප්‍රධාන සාදකයක් වන බවත් ජලය ප්‍රමානය අඩු දිය ඇලි ඡායා රූප ගත කිරීමෙන් මෙයට වඩා වෙනස් ප්‍රථිපලයක් ලබාදෙනු ඇතැයිද සදහන් කර ඇත​. මෙම සියලු ඡායා රූප ගෙන ඇත්තේ Canon 7D කැමරාවෙන් වන අතර යොදාගෙන ඇති කාචය 28-300mm L කාචයයි.

දිය ඇල්ල ඡායා රූප ගත කල ෂටර වේගයන් සහ ඡායා රූප පිලිවලින්:

 

1/8000

1/3200

1/1000

1/250

1/100

1/30

1/20

1/10

1/5

.5

1

2.5


මෙම ෂටර වේගයන්ට අමතරව අදාල ආලෝක තත්වය සදහා කැමරාවේ කාච විවරය සහ ISO අගය වෙනස් කර ගනිමින් අතහදා බැලීම් කිරීමට ඔබට හැකිය​. එම සැකසුම් පිලිබදව වැඩි විස්තර සදහා නිරාවරණය​ ලිපිය කියවන්න​.

ඔබගෙ ඡායා රූප කරන ව්‍යාපාරය නව තලයකට ගෙන යාමට ඔබ කැමතිද​? එසේ නම් අපගේ විශේෂ සේවයක් වන වෙබ් අඩවි නිර්මානය කර දෙන සේවාව තුලින් ඔබටත් ඉතා අඩු මිලට වැඩි වටිනාකමකින් යුත් වෙබ් අඩවියක් නිර්මානය කර ගන්න. වැඩි විස්තර සදහා මෙතනින් යන්න​.

ඉතින් ඉහත පෙන්වා ඇති විවිද ෂටර වේගයන් ගෙන් ගන්නා ලද දිය ඇල්ලේ ඡායා රූප පිලිබදව ඔබ දක්වන අදහස් මොනවාද​? ඔබ හිතන පරිදි දිය ඇලි ඡායා රූප කරනය Waterfall Photography සදහා වඩාත්ම සුදුසු වේගය කුමක්ද​? සතියේ ඡායා රූප අභියෝගයට නම් මා සිතන පරිදි සුදුසුම ෂටර වේගය වන්නේ තත්පරයෙන් බාගයක් .5 හෝ ඊටත් අඩු වේගයක් ය​. අත්හදා බැලීම් කර බලන්න​.

Leave a comment

Your email address will not be published. Required fields are marked *