Sunsets Photography

ඉර බැස යාමේ දර්ශන ඡායා රූප ගත කිරීමට උපදෙස් 1


Sunsets Photography Tips

ඡායා රූප කරනය පිලිබදව උනන්ඳුවක් දක්වන ඔනෑම අයෙකුගේ ඡායා රූප එකතූන් සදහා අනිවාර්‍යෙන් එක් කර ගන්නා ඉර බැස යාමේ දර්ශන වඩාත් අලංකාර ලෙස ඡායා රූප ගත කිරීම පිලිබදව Sunsets Photography අද අපි සොයා බලමු.

Sunsets Photography ගැනීමට පෙර අවවාදයක්: දහවල් ඉර දෙස කෙලින්ම බැලීම ඔබගේ ඇස් වලට අහිතකර​ වන​ අතර කැමරා කාචය තුලින් බැලීමෙන් ඔබගෙ ඇස් මෙන්ම කැමරාවේ සංවේදක සහ අනෙකුත් ප්ලාස්ටික් කොටස් සදහාද බල පානු ඇත​. එබැවින් ඉර ඡායා රූප ගැනීමේදී සැලකිලිමත් වන්න​.

ඉර බැස යාමේ දර්ශන සහ හිරු උදාවේ දර්ශන ඉතාමත් අලංකාර සහ නෙත් සිත් ඇදගන්නා දර්ශන වන්නේ එම අවස්තාවන්හීදී අප දකින හිරුගෙන් පැමිනෙන ආලෝකය තද වායුගෝලිය ස්ථරයක් තුලින් පැමිනෙන විට ඇති වන වර්ණ වෙනස් කම් නිසාය​.

මෙසේ වර්ණයන් වෙනස්වූ ආලෝකයන් වලාකුලු, ජලය සහ අනෙකුත් වස්තු වල වැදී පරාවර්තනය වන විට තවත් අලංකාර දර්ශන ඉස්මතු වේ. මෙම දර්ශන දැකීමට මෙන්ම ඡායා රූප ගැනීමටද ඉතාමත් සුදුසු දර්ශනයන්‍ ය​.

ආම්පන්න​

Photograph Sunsetඉර බැස යාමේ ඡායා රූප සදහා ඔබගේ සාමන්‍ය කැමරාවට අමතරව වැඩියමක් අවශ්‍ය නොවුනත් ඉහල ප්‍රථිපල සහ වැඩි කාලයක ෂටර වේගයන් සදහා ත්‍රීපාද ආධාරකයක් සහ කැමරා ෂටරය ක්‍රියා කරවීම සදහා දුරස්ථ පාලකයක් තීබීම පහසුවක් වනු ඇත​.

එමෙන්ම පුලුල් කෝනයක Wide angle කාචයක් මෙන්ම ඉර ප්‍රධාන කරගත් ඡායා රූප සදහා 200mm වැනි දිගු නාභි දුරක් සහිත Long Focal length කාචයක්ද ලග තබා ගැනීම සුදුසුය​.


කැමරා සැකසීම්

ඔබගේ කැමරාවේ ඇති ස්වයංක්‍රීය ක්‍රම මෙම ඡායා රූප සදහා යොදා ගත හැකිවූවත් වඩාත්ම සුදුසු වන්නේ එම Fully Automatic Modes තුලින් ඉවත් වී ඔබගේ නිර්මානශීලීත්වය යොදාගත හැකි ක්‍රම සදහා යාමය​. ඒවා නම් M (manual) ඔබ විසින් සියලු සැකසුම් සැකසිය යුතු ක්‍රමය, AV (Aperture-Priority) කාච විවරය ප්‍රමුක කරගත් සැකසුම් ක්‍රමය, TV හෝ S (Shutter-Priority) ෂටරය ප්‍රමුක කරගත් සැකසුම් ක්‍රමය, සහ P (Programmed Auto) සැලසුම් කල හැකි ස්වයංක්‍රීය ක්‍රමය යන ක්‍රමයන්‍ ය. මෙම ක්‍රම පිලිබදව වැඩි විස්තර සදහා DSLR කැමරාවේ ඡායා රූප ගැනීමේ ක්‍රම ලිපිය කියවන්න​.

ෂටරයේ වේගය

Sunsets Photography Shutter speed

ඉර බැස යාමේ දර්ශන වැනි ඡායා රූප කරුවන්ට සොබහවික ආලෝකයෙන් උපරිම ප්‍රයෝජන ලබාගත හැකි අවස්ථාවන්හීදී එක් කැමරා සැකසුමක් වඩාත්ම සුදුසු සැකසුම මෙය යැයි පැවසීම ඉතා අසීරු සහ නිර්මානශීලීත්වය සීමා කිරීමේ ක්‍රියාවකි. එබැවින් ෂටරය ප්‍රමුක කරගත් සැකසුම තුල හැකිතාක් අත්හදා බැලීම් කරන්න​.

උදා: ඔබ මුහුදු වෙරලක වැනි ස්ථානයක ඡායා රූප ගන්නේ නම් අලංකාරව මුහුදු රළ නතු කර ගැනීමට වැඩි කාලයක ෂටර වේගයක් යොදා ගත හැකිය​,

එමෙන්ම යම් වේගවත් ක්‍රියාවක් ඉර බැස යාමත් සමග ඡායා රූප ගත කිරීමට ෂටර වේගය වැඩි කරන්න​,

එමෙන්ම සවස අදුර වැඩිවෙන විට ෂටර වේගය අඩු කිරීමෙන් එනම් වැඩි කාලයක් විවරව පැවතීමට සැකසීමෙන් වැඩි ආලෝකයක් ග්‍රහනය කර ගත හැකිය​.

කාච විවරය

sunset photography aperture

කාච විවරය කුඩාවට තබා ගැනීමෙන් පුලුල් පරාසයක් නැතහොත් වැඩි ක්‍ෂේත්‍ර ගැඹුරක් ඡායා රූපයට නතු කර ගත හැකිය​. සවස අදුර වැඩි වන විට ආලෝක තත්වයන් මද බැවින් කාච විවරය ප්‍රමුක සැකසුම යොදා ගැනීමෙන් ෂටර වේගය සහ ISO අගය කැමරව විසින් පාලනය කරනු ඇත​.අඩු ආලෝක තත්වයන් යටතේ නාභි ගත කිරීම් කිරීමේදී බොහෝ විට ස්වයංක්‍රීය නාභි ගත කිරීම නිසි පරිදි සිදු නොවනු ඇත එබැවින් ඔබ විසින් නාභි ගත කිරීම සිදු කිරීමට සිදුවනු ඇත​.

ISO

ISO අගය අවම මට්ටමක තබා ගැනීමෙන් වඩාත් පැහැදිලි දර්ශන නතු කර ගත හැකිය​. එමෙන්ම ඔබ ෂටරය හෝ කාච විවරය ප්‍රමුක සැකසුම් තුලින් ජායා රූප ගන්නේ නම් ISO අගය

ස්වයංක්‍රීයවම පාලනය වනු ඇත​. නමුත් මෙසේ පාලනය කිරීමේදී දර්ශනයේ නියම අලංකාරය ඉස්මතු නොවනු ඇත එබැවින් ඒ බවත් සැලකිලිමත් වන්න​.

අලෝකය මැනුම් ක්‍රම

මේ සදහා Partial Metering Mode නොහොත් අර්ධ ආලෝක මැනුම් ක්‍රමය යොදා ගැනීමට හැකිය මෙහිදී සැදෑ අහසේ ආලෝකයත් සමගම පරිසරයේ අනෙකුත් දර්ශන තුලින් පැමිනෙන ආලෝකය පිලිබදවද අවධානය යොමු කිරීමට හැකිය​.

අලෝකය මැනුම් ක්‍රම පිලිබදව වැඩි විස්තර සදහා DSLR කැමරාවේ අලෝකය මැනුම් ක්‍රම ලිපිය කියවන්න​.

සුදු පැහැය සමබර කිරීම

සුදු පැහැය සමබර කිරීම සදහා ස්වයංක්‍රීය ක්‍රමය බාවිතා නොකර Cloudy – වලාකුලු සහිත ආලෝකය සහ Shade – සෙවනැලි යොදා ගැනීමෙන් සැදෑ අහසේ අලංකාර රතු වර්ණයන්ට ප්‍රධානත්වයක් ලබා දිය හැකිය​.​

ඉර බැස යාමේ දර්ශන අලංකාර කර ගැනීමට උපදෙස්

  • ඉර බැස යාමේ දර්ශන ඡායා රූප ගැනීම සදහා තරමක් කලින් ඔබ තෝරා ගත් ස්ථානයට යන්න​. එමෙන්ම කලින් දිනක ඡායා රූප සදහා සුදුසු ස්ථානය තෝරා ගෙන සිටීමත් ඔබට පහසුවක් වනු ඇත​.

  • ඉර බැස යාම පමනක්ම නොමැතිව සවස ආලෝකයෙන් වරණවත්වන පසුබිම් දර්ශනයන් ද ඡායා රූපයන්ට ගැනීමෙන් ඉතා අලංකාර ඡායා රූප ලබා ගත හැකි වනු ඇත​.


  • තරමක Underexposure මද නිරාවරනය වන ලෙස ඡායා රූප ගැනීමෙන් ඡායා රූපයේ වරණවත් බාවය වැඩි වනු ඇත​.

  • ක්‍ෂිතිජය ඡායා රූපයේ මධ්‍යට නොගෙන ඡායා රූපයේ තුනෙන් දෙකක පමන සීමාවකට ගෙන එන්න​. එය ඡායා රූපය වඩාත් අලංකාර කරනු ඇත​.


  • ඉර බැස යාමේ දර්ශන ඉර ප්‍රධාන කර ගෙන ඡායා රූප ගත නොකර කදු වටියක් හෝ ගල් පර්වතයක් හෝ වනත් වස්තුවක් කරා පරධාන වශයෙන් අවධානය යොමු වන පරිදි ඡායා රූප ගත කරන්න​.

  • ඔබගේ කැමරාවේ HDR පහසු කම තිබේනම් එම HDR සැකසුම යොදා ගෙන ඡායා රූප ගැනීම අත්හදා බැලීම් සිදු කරන්න​.Sunsets Photography Tips3

  • ඉර බැස යාමේ දර්ශන සදහා පැහැදිලි අහසක් ඇති දින වලට වඩා වලාකුලු සහිත දින වඩාත් යෝග්‍යය​. එමෙන්ම වැසි දිනකද ඉර බැස යාමේ දර්ශන ගැනීමට උත්සහ කරන්න ලැබෙන ප්‍රථිපල ඉතා අලංකාර වනු ඇත​.


  • මෙම ඡායා රූප සදහා සංයුති නියමයන් යොදා ගැනීමට උත්සහ කරන්න විශේෂයෙනම Rule of Thirds තුනෙන් එකේ න්‍යාය වැනි නියමයන් භාවිතා කිරීමෙන් ඉතා ඉහල ප්‍රථිපල ලබා ගත හැකිය. වැඩි විස්තර සදහා ඔබගේ ඡායා රූප සදහා සංයුති නියමයන් ලිපිය කියවන්න​.

  • සැදෑ කාලයේ ආලෝකය පරාවර්තනවී වර්ණවත්ව දිස්වන අනෙකුත් වස්තූන් ඡායා රූප ගත කීරීමෙන් ද එම වස්තූන් ගේ නිතරම නොදකින අලංකාරයක් දැක ගැනීමට හැකිවේ.sunset photography Tips

  • ඉර බැස යාම ඡායා රූප ගත කිරීම සදහා මුහුදු වෙරලක්, කදු කර ප්‍රදේශයක් හෝ උස් බිමක් වැනි ස්ථාන ඉතාමත් සුදුසු වනු ඇත​.


ඔනෑම ඡායා රූප ශිල්පියෙකු වඩාත් සාර්ථක වීම සදහා කල යුතු ප්‍රධානම දේ වන්නේ හැකි තාක් අත්හදා බැලීම් සිදු කිරීමය​. එබැවින් මෙම Sunsets Photography නොහොත් ඉර බැස යාම ඡායා රූප ගත කිරීමේත් හැකි තරම් අත්හදා බැලීම් සිදු කරන්න​.

එමෙන්ම ඉර බැස යාම පමනක් නොව ඉරු උදාවත් නිතරම අලුත්ම දර්ශනයක් සොබාහවයෙන්ම අපට උරුම කරන බැවින් ඡායා රූප ශිල්පීන් ලෙස එම අලංකාරවත් දර්ශන සූක්‍ෂමව කැමරා කාචයේ සටහන් කර තවත් අයෙකුගේ රසවින්දනය සදහා ගෙන ඒමට හැකි නම් එතරම් සතුටක් තවත් තිබේද​?

 


Leave a comment

Your email address will not be published. Required fields are marked *

One thought on “ඉර බැස යාමේ දර්ශන ඡායා රූප ගත කිරීමට උපදෙස්