අප පිලිබදව​

 

SL Photography

Sri Lanka Photography


ඉඟි සහ උපක්‍රම

මෙම කොටස තුලින් ඔනෑම ඡායාරූප ශිල්පියෙකු විසින් දැන සිටිය යුතු මූලික කරුනු වල සිට ඉහල උපක්‍රම දක්වා ප්‍රගුන කරවීමේ චාරිකාවක ඔබව ගෙන යාමට බලාපොරොත්තු වන අතර මෙය ඡායාරූප කරනය පිලිබදව නවකයන් ගේ ගැටලු නිරාකරනය කිරීමේ සහ ප්‍රවීනයන් ගේ උපදෙස් බෙදා ගැනීමේ මද්‍යස්ථානයක් වනු ඇත.

මෙහි සාකච්චා කෙරෙන මාතෘකාවන් වන්නේ:

  • ඡායාරූප කරනයේ මූලික දැනුම

  • ඡායාරූප ගැනීම

  • ඡායාරූප සැකසීම

  • කැමරා සහ ආම්පන්න පිරිසිදු කිරීම සහ නඩත්තුව

  • තවත් බොහෝ ඉඟි සහ උපක්‍රම….

කැමරා සහ ආම්පන්න

මෙම කොටස වෙන් වන්නේ ඡායාරූප ශිල්පීන් සතු ප්‍රධානතම මෙවලම වන කැමරා සහ ආම්පන්න පිලිබදවය. මේ තුලින් ඔබට සුදුසුම කැමරාව සහ අම්පන්න මිලදී ගැනීමට මග පෙන්වීමේ සිට බාවිතයේ පවතින සහ නවතම කැමරා සහ අම්පන්න පිලිබදව හදුන්වාදීම් සහ බාවිතයට උපදෙස් යන කරුනු සාකච්චා කරනු ලැබේ.

මෙහි සාකච්චා කෙරෙන මාතෘකාවන් වන්නේ: Cameras and Equipment

  • කැමරා වර්ග

  • කැමරා කාච

  • ආලෝකකරණ උපාංග

  • අනෙකුත් උපාංග

  • ඡායාරූප සැකසීම් මෘදුකාංග

  • තවත් බොහෝ දේ…

කලාගාරය

මෙය නවක ඡායාරූප ශිල්පීන්ට තම නිර්මාන ප්‍රදර්ශනය කිරීම සහ එම නිර්මාන පිලිබදව ඇගයීමක් ලබාදීම සදහා විශේෂයෙන්ම ගෙන එන අංගයකි. මෙය ප්‍රධාන වශයෙන් නවකයින් සදහාම ගෙන එන්නේ ප්‍රවීනයින් ගේ ඇගයීම, අදහස් සහ උපදෙස් මෙම ඡායාරුප සදහා ලබාදී එම නවක නිර්මාන කරුවන් ගේ දක්‍ෂතාවයන් ඔප්නැංවීම් බලාපොරොත්තුවෙනි.

එමෙන්ම ප්‍රවීන සහ වෘත්තීය ඡායාරූප ශිල්පීන් සදහා තම නිර්මාන සහ සේවාවන් ප්‍රදර්ශනය කිරීම සදහා එම වටිනා නිර්මාන ආරක්‍ෂාවන පරිදි සැකසුන ඉතා විශේෂිත අන්තර්ජාලීය කලාගාර පහසුකම්ද ඉතා සාධාරන මිලකට ලබාදීමටද සැලසුම් කර තිබේ.

අඩවියේ මෙම කොටස් වලට අමතරව ඔබගේ කැමරා සහ ආම්පන්න විකිනීමට සහ මිලදීගැනීමට කුඩා වෙළඳ පළක්, ඡායාරූප කරනය පිලිබදව පොත්පත්, සඟරා සහ වැඩිදුර ඉගෙන ගැනීමට පාඨමාලාවන් සදහා මග පෙන්වීමේ වැඩපිලිවලක්ද ගෙන ඒමට බලාපොරොත්තු වේ.

අදම එක්වන්න


ඡායාරූප කරනයේ ඇරඹුමේ සිට වෘතීය මට්ටම දක්වා සංචාරයක යෙදීමට අදම අප හා එක්වන්න

අදම එක්වන්න


ameture-photographer

professional-photographer