10 Tips for better landscape photography

වඩා හොද භූමිදර්ශණ ඡායාරූප ගතකිරීම සදහා උපදෙස් 10 ක්

10 Tips for better landscape photography

භූමිදර්ශණ ඡායාරූප Landscape photography ගත කිරීම ඉතා ජනප්‍රිය විෂයක් සහ බොහෝ නවක ඡයාරූප ශිල්පීන් තම විනෝදාංශය එයින් ආරම්භ කරති. කෙසේ වෙතත් එහි, ලස්සන තැනකට ගොස් ඔබේ කැමරාව එල්ල කර බොත්තම එබීමට වඩා බොහෝ දේ තිබේ.

ඔබ පිටතට ගොස් භූමි දර්ශන ඡයාරූප ගත කර තිබේද, පසුව ඔබ ගෙදර ගොස් බලන විට ඒවා එතරම් හොද ඒවා නොවන බව ඔබට හැගී ඇත්ද? ඔබ පිටතට ගොස් ඡායාරූප ගත කරන්නේ කුමක්ද හෝ කෙසේද කියා නොදැන අතරමංවී ඇත්ද? එසේනම් ඔබට වඩා හොද භූමිදර්ශණ ඡායාරූප ගතකිරීම සදහා උපදෙස් 10 ක් මෙන්න.

1. දර්ශණය නිර්මානය කරගන්න

නවක් ඡායාරූප ශිල්පීන් කරනවා ඔබට දකින්නට ලැබෙන එක් දෙයක් නම් දර්ශණය ඇති තැනට ගොස් ඡායා රූපයක් ගෙන ඔවුන් වැඩේ කලා යැයි සිතීමය. කෙසේ වෙතත් වඩාත් අත්දැකීම් ඇති කෙනෙක් බොහෝ පිංතූර ගන්නවා ඇති අතර එයින් ඔබට විනාඩි කීපයක කාලයක් ඇර කිසි අමතර වියදමක් දරන්නට සිදු නොවනු ඇත. එබැවින් දර්ශණය නිරමානය කරගෙන ඔබට තවතවත් ගත හැක්කේ කුමන ආකාරය ඡයාරූපද කියා බලන්න.

2. මූලික සලකුණු සහ රටාවන්

Leading lines and patternsමෙය අප සැවොම මුලදීම ඉගෙන ගන්නා දෙයකි, ඔබගේ ප්‍රධාන රූපය කරා පමුණුවන මූලික සලකුණු සොයා ගන්න. සලකුණක හැටියට ඇති වැටවල් පාරවල් හෝ යම් දෙයක්, රාමුවේ පැත්තකින් ආරම්භවන දෙයක්, ඔබගේ ප්‍රධාන රූපයට අවධානය යොමු කරවන දෙයක් යොදා ගැනීමෙන් ඡායා රූපයට ආරාධනයක් මෙන්ම කලාත්‍මක බාවයක් එක්කරනු ඇත.

රටාවන් වනාහී සිත ඇදගන්නා මහගු මාර්ග විය හැකිය. යම් තැනක ඔබ රටවක් දකින්නේ නම් ඔබ එහි පිංතූරයක් ගන්නේ නම් ඔබගේ ප්‍රේක්‍ෂකයින්ද එය සිත්ගන්නා දෙයක් ලෙස දැකීමට බොහෝ අවස්ථාව තිබේ. රටාවන් ඔනැම තැනක, බිම, ගස්වල කඳන් වල, ඒවා සිටුවා ඇති ආකාරයට තිබිය හැකිය. ඒවා සිත්ගන්නා සුලු විය හැකිය.

මේ පිලිබදව වැඩිවිස්තර ඔබට ඔබගේ ඡායා රූප සදහා සංයුති නියමයන් ලිපියෙන් ඉගෙන ගත හැකිය.

3. දවසේ වේලාව

මෙයත් අප මුලදීම ඉගෙන ගන්නා දෙයකි, ඡායාරූප ගැනීමේදී දවසේ වේලාව ඉතාමත් වැදගත්වේ. එමෙන්ම එය අවුරුද්දේ කාලය මතද රදා පවතී. අලුයම කාලයේ සහ සවස් කාලය සහ වසන්ත සහ සීත කාලයන් පරිසරය ඉතා අලංකාරය.
ග්‍රීෂ්ම කාලය ඉතා අපහසුය. එය ඉතා උනුසුම්‍ ය, ආලෝකය කටුකය, සෙවනැලි තීව්‍රය. බොහෝ විට ඔබගේ රූපයේ වර්ණ සුදුපැහැ ගැන්වී තිබිය හැකිය.

ඔබ සිටින්නේ කොහේද කියා සිතන්න, ඔබට පිංතූර ගැනීමට අවශ්‍ය ස්ථානයේ පිංතූර ගැනීමට ඉතා හොද දවසේ කුමන වේලාවද, සමහරුන් ඉතා උදැසන කාලය තෝරා ගනිති, බොහෝ මිනිසුන් නොගැවසෙන දවස පටන් ගැනීමට පෙර ඔබට ඕනැ තරම් ඡයාරූප ගත හැකිය. එමෙන්ම සවස් කාලයද ඉතාඅලංකාර ඡායාරුප ගැනීමට ඉතාමත් සුදුසුය.

හිරු නැගීමේ සහ බැසයාමේ දර්ශණ ගැනීමේදී සැලකිය යුතු කරුනක් වන්නේ සමහර ස්ථාන හිරි නැගීමේ ඡායාරූප සදහා සුදුසු වන අතර සමහර ස්ථාන ඉර බැසයාමේ ඡායාරූප සදහා පමනක් සුදුසු වන බවය. වැඩි විස්තර සදහා ඉර බැස යාමේ දර්ශන ඡායා රූප ගත කිරීමට උපදෙස් ලිපිය බලන්න.

ඔබ මෙවැනි ඡායාරූප සදහා දවසේ කාලය මෙන්ම ස්ථානයද සැලකිල්ලට ගැනීමට අමතක නොකරන්න.

4. ඔබගේ ඉදිරිපස දෙස බලන්න

Foregroundබොහෝවිට Landscape photography ගැනීමේදී තම ඉදිරිපස අමතකවේ. නමුත් සමහරවිට ඔබ ඉදිරියෙන් ඇතිදේ හරියටම ඔබගේ පිංතූරය ශක්තිමත් කරන දෙය වන්නට පුලුවන්.

සමහර දරශන් වල සිත් ගන්නා සුලු බව ඇති කර තිබෙන්නේ කැමරාව කිට්ටුවෙන් තිබෙන යම් පැලැටියක් හෝ වෙනයම් දෙයක් වන්නට පුලුවන්. එය සමහර විටක රූපය පිටුපස ඇති මූලික දෙයක් වන්නටද පුලුවන්.

5. අනෙක් කැමරා ශිල්පීන් කරන්නේ කුමක්ද කියා බලන්න

සැකයෙන් තොරව ඔබට කල හැකි හොදම දෙයක් වන්නේ අනෙකුත් ඡයාරූප ශිල්පීන් කරන්නේ කුමක්ද කියා හෙදින් බලා ගැනීමයි. තවත් අයෙකු දෙස බාලා ඉගෙන ගැනීම අවතක්සේරු නොකරන්න. බොහෝවිට හොද හෝ වෘතීමය ශිල්පීන් පමනක් නොව නවකයින් ගෙන් ද ඔබට හොද සහ නරක් දැකිය හැකිය.

ඔබ වඩාත් කැමති ඡායාරූප දෙස බලා ඔබ කැමති වීමට හේතුව කුමක්දැයි තීරනය කරන්න. හරියටම ක්‍රීයාකරන්නේ ඒ ඔබ කැමති යැයි සිතන දේය. ඒ රූපයේ ඇති ඔබගේ රූපයේ නොමති ඔබට සියුම් ඊර්‍ෂ්‍යාවක් හිතෙන දේ කුමක්ද කියා සොයා බලන්න.

එමෙන්ම හොද ඡායාරූපයක් යයි ඔබට නොසිතන ඡායාරූප ගෙන ඒවා විශ්ලේෂණය කර ක්‍රියාකාරී නොවන්නේ මොනවාදැයි සොයා බලන්න. ඒවායින් ඉගෙන ගන්න. ඔබත් එම වැරදි නොකරන බවට වග බලා ගන්න.

6. කාලයන් ගැන සිතන්න

දවසක පිටතට ගොස් යම් තැනක් රූපගතකර එවැනි ස්ථානයක් තිබේද යයි අමතක කර දැමීම ඉතා පහසුය, නමුත් වසරේ අනික් කාලයන් ගැන සිතීම කෙසේද. සමහර ස්ථාන ග්‍රීශ්ම කාලයට වඩා වස්සාන කාලයට වඩා අලංකාර විය හැකිය. එමෙන්ම එහි ප්‍රති විරුද්ධ පැත්තද විය හැකිය.

එකම ස්ථානයක් වුවද වසර පුරා එක් එක් කාලයන් තුල රූපගත කිරීමේදී ඔබට වෙනස්ම හැගීමක් සහ දර්ශනයක් ලබා දෙනු ඇත.

ඔබට ඡායාරූප ගැනීමත සුදුසු ස්ථාන මෙන්ම එම ඡායාරූප ගැනීමට වඩාත්‍ම සුදුසු කාල කුමක්ද කියා සොයා බැලීමට මින් පසු අමතක නොකරන්න.

7. කුඩා භූමි දර්ශණයන් දෙස බලන්න

smaller landscape

ඔබ භූ දර්ශණ ගැනීමේදී විශාල කෝනයක් ආවාර්ණය වන කාචයක් භාවිතා කිරීමෙන් ඔබට අවශ්‍ය සියලුම දේ නතු කර ගැනීමට පහසුය. බොහෝ භූමි දර්ශණ විශාල ප්‍රදේශයක් ආවර්ණය වන ආකාරයේ ඒවා වේ. නමුත් ඔබගේ ඡායාරූපය වඩා අලංකාර කිරීමට තහත් ක්‍රමද තිබේ. යම් වස්තුවක් හෝ මල් තිබේ නම් ඒවා ඔබගේ දර්‍ශනයේ ඉදිරිපසට යොදා ගත හැකිය. මෙය විශේෂයෙන්ම ඔබගේ විශය වන දර්ශණයේ පසුබිමේ දුරකින් වේ නම් හොදය. එය ඔබගේ රූපයට යම් සිත්ගන්නා පෙනුමක් එක් කර දෙනු ඇත.

පුලුල් කෝනික Wide angle කාච සමග ඔබගේ සූම් Zoom සහ මැක්‍රෝ Macro කාචද ගෙනයාමට උත්සහ කරන්න. ඔබට යම් උද්භීත වර්ග වැනිදැද රූප ගත කිරීමට හැකිවනු ඇත. සූම් කරමින් මල් පමනක් රූප ගත කිරීම නොකර, සම්පූර්ණ පැලැටියම සහ එය ඇති ස්ථාන පිලිබදව සිතා එහි පරිසර සම්බන්ධයක් දෙමින් ඡායාරූපය ගැනිමට බලන්න. මෙය ඔබට අලුත්ම කථාවක් නිර්මානය කිරීමට අවස්ථාවක් උදාකරනු ඇත.

8. ඔබට අවශ්‍ය වන්නේ කුමනඋපකරනද

Equipment

ඔබට භූමිදර්ශණ ඡායාරූප ගත කිරීමට විශේෂ යමක් අවශ්‍ය වන්නේ නැත, ඔබින කාචයක් සහිත කැමරාවක් ප්‍රමානවත්‍ ය. ඔබට DSLR කැමරාවක් මෙන්ම Compact සංක්‍ෂිප්ත කැමරාවක් භාවිතාකල හැකිය.

ඔබ යොදාගන්නේ DSLR කැමරාවක් නම් එයත පුලුල් කෝනික කාචයක් අවශ්‍ය වේ. භූමි දර්ශණ රූපගත කරන්නන් වඩාත් පුලුල් කෝනික කාච වැඩිපුර භාවිතා කර්ති. එසේම බොහෝ දෙනෙක් 200 mm කාචද යොදා ගනී. ඔබට ගන්නට ඇති ඉතාමත් හොද කැමරාව නොව ඔබ භාවිතා කරන කාචයයි ඔබගේ කලාත්මක ඇසයි ඔබගේ ඡායාරූප අලංකාර කරන්නේ.

ශක්තිමත් ත්‍රීපාද ආධාරකයක් භාවිතා කිරීම හොදය. හොදම උපදේශය වන්නේ ඔබට හැකි ආකාරයේන් හොදම උපකරනය ගැනීමයි. මිල ගණන් ගැන ලෝභ නොවන්න, එසේ කලහොත් ඔබට පසුව පසුතැවිලි වන්නට සිදුවනු ඇත. එසේම රිමෝට් ෂටර පාලකයක්ද ඔබගේ උපකරන අතර තබාගැනීමට වැඩි වියදමක් වැය කිරීමට අපහසුනම් ඔබගේ කැමරාවේ ස්වයංක්‍රීය කාලගත්කිරීම භාවිතා කල හැකිය. එමෙන්ම ෆිල්ටර්ස් සහ වඩාත් හොද කාචයන් ඔබගේ උපකරන කට්ටලයට ඔබ දියුනු වන විත ඇතුලත් කර ගන්න. නවතම ඡයාරූප කරන උපකරනත් සමග මෙම ලැයිස්තුව පහසුවෙන් අවසන් කල හැකි එකක් නම් නොව.

9. ත්‍රීපාද රැඳවුම කුමන අවස්ථාවන් හී භාවිතා කලයුතුද නොකලයුතුද

ඔබ උනඳුවෙන් යුත් භූමි දර්ශණ ඡායාරූප ගත කරන්නේ නම් ඔබ නිතරම ත්‍රීපාද ආධාරකය භාවිතා කල යුතුය.

ඉතා හොද ආලෝක තත්වයන් යටතේ පලපුරුදු ශිල්පියෙකුට ෂටර වේගය වැඩි කර ඡායාරූප ගැනීම ත්‍රීපාදකයක් නොමැතිව කල හැකි ඌවත් ආලෝකය මද අලුයම් සහ සවස් කාලයන් හී රූප ගැනීමට ත්‍රීපාධකයක් අත්‍යාවශ්‍ය වනු ඇත. එයින් ඡායාරූපයේ ඝෝශාකාරීත්වය මග හරවා ගත හැකිය.

10. කථාව දෙස බලන්න

සමහර ස්ථාන කිසිදු තේරුමක් නොමැති ස්ථාන ලෙස පෙනීම ඇතැම් විටක කාලය කාදැමීමක් ලෙස ඔබත පෙනෙනු ඇත. එසේ සිතෙන අවස්ථාවන් වලදී වෙනත් හෝඩුවාවන් එන ස්ථාන පිලිබදව සිතන්නට උත්සහ කරන්න.

ඔබ සිටින්නේ කොහේද, ඔබ එම ස්ථාන තෝරා ගැනීමට හේතුව, එම ස්ථානයේ ඉතිහාසය ඔබගේ ඡායාරූපයේ මාත්‍රුකාව කර ගැනීමට උත්සහ කරන්න.
බොහෝ නගරබද ස්ථාන භූ දර්ශණ ඡායාරූප කරනයට නොසුදුසු යැයි බැලූ බැල්මට පෙනුනත් එහිද කුමන හෝ ස්ථානයක් සොයා ගැනීමට හැකිනම් ඔබ නියම ඡායාරූප ශිල්පියෙකු වෙනු ඇත.

භූමි දර්ශණ ඡ්‍යාරූප කරණය ඉතා චමත්කාර ජනකය. එසේම ඔබට රූපගතකල හැකි ස්ථානද අවසානයක් නැත. මෙහි සදහන් සියලුම උපදෙස් බලන්න ඒවා අවධානයට ගැනීමෙන් ඔබට හොද භූමිදර්ශන ගැනීමට උපකාරයක් වනු ඇත.

භූමි දර්ශණ ඡායා රූප ගැනීම පිලිබදව වැඩි දුර දැනුමක් අවශ්‍යද? එසේනම

Living Landscapes eපොත ඔබ සදහාමයි.

භූමි දර්ශණ ඡ්‍යාරූපගත කිරීම පිලිබද ඔබගේ අදහස් සහ ඡායාරූප පහත සදහන් කරමින් බෙදා ගන්න. ඔබ මෙහි එන උපදෙස් යොදා ගත්තේ නම් ඒවා ඔබගේ ඡායාරූප සදහා කෙසේ ක්‍රියා කලේද යන්නත් අප සමග බෙදා ගන්න.

Leave a comment

Your email address will not be published. Required fields are marked *