Best Photo Editing Software for Photographers

ඡයාරූප සංස්කරනය සදහා ඡායාරූප ශිල්පීන්ට වඩාත්ම සුදුසු මෘදුකාංග

Best Photo Editing Software for Photographers

ඡායා රූප කරනයේදී ඔබගේ කැමරාවට සහ ආම්පන්න වලට අමතරව සාකච්චා කෙරෙන තවත් අන්ශයක් වන්නේ ඡායා රූප නිර්මානය හෝ සංස්කරනය කිරීමය Photo Editing Software මේය අපගේ පරිඝනකයන් ආධාරයන් පරිඝනකය තුල හෝ අන්තර්ජාලය තුල සිදු කල යුතුය. මේ සදහා විශේෂ මෘදුකාංග බාවිතා කල යුතු අතර රූප නිර්මානය කිරීම සදහාම වෙන්වූ නොයෙකුත් මෘදුකාංග මුදල් ගෙවා සහ නොමිලේ ඔබට ලබා ගත හැකිය.

අද අප ඔබ වෙත SL Photography වෙතින් ගෙන එන්නේ වඩාත් ප්‍රචලිත ඡායා රූප නිර්මානය කිරීමේ මෘදුකාංග කීපයක් ය. මුදල් ගෙවා සහ නොමිලයේ ලබාගත් හැකි මෘදුකාංග මෙම ලිපියට ඇතුලත් කර ඇති බැවින් ඔබට වඩාත්ම සුදුසු මෘදුකාංගය පහසුවෙන්ම තෝරාගත හැකිවනු ඇත.

ඡායා රූප සංස්කරනය කලයුත්තේ ඇයි

ඇතැම් ඡායා රූප ශිල්පීන් ඡායා රූප සංස්කරනය කිරීම කිසිසේත් සිදු නොකරන නමුත් බොහෝදෙනෙකුට එය ඡායා රූප ශිල්පයේ නැතුවම බැරි පියවරක් වී ඇත.

ඔබගේ කැමරාවේ ඡායා රූප ගැනීමේ ක්‍රම වලට අමතරව මෘදුකාංග භාවිතා කර ඡායා රූප නිර්මානය සහ සංස්කරනය කිරීමද ඡායා රූප ශිල්පියෙකු ලෙස ඔබ ඉගෙන ගත යුතුය.

සංස්කරනය කිරීම තුලින් අපට අපගේ ඡායා රූප තුල සොබාහවයෙන් ලබාගත නොහැකි අලංකාරයක් ලබාගත හැකි අතර අනවශ්‍ය පසුබිම් හෝ වෙනත් ඕනැම අංගයක් ඉවත් කිරීමට හෝ ඇතුලත් කිරීමටද හැකිය.

එමෙන්ම ඔබ ඡායා රූප වෙබ් අඩවියකට ඇතුලත් කරන්නේ නම් ඔබගේ ඡායාරූපයේ ප්‍රමානය අවම කර ගැනීමටත් මෙම මෘදුකාංග භාවිතයෙන් හැකිය.

දැන් අපි බලමු ඔබගේ ඡායා රූප නිර්මානයට නැතහොත් සංස්කරනයට Editing  වඩාත්ම සුදුසු මෘදුකාංග Software මොනවාද කියා.

1. Canva

canva-editsoftware

Canva කැන්වා යනු අන්තර්ජාලය තුලම ඔබගේ ඡායා රූප සංස්කරනය කල හැකි මෘදුකාංගයක්‍ ය. මෙය බොහෝ ජායා රූප ශිල්පීන් ප්‍රමානයක් විසින් භාවිතා කරන අතර මෙහි ඡායා රූප සංස්කරනය සදහා යොදා ගැනීමට බොහෝ මෙවලම් ඇත.

මෙම මෘදුකාංගය ඔබගේ දුරකථනයට Smart Phone එකටද බාගත් කර ගන දුරකතනයෙන් ගන්නා ඡායා රූපද සංස්කරනය කරගත් හැකිය.

2. PicMonkey

pic-monkey-editsoftware

PicMonkey පික් මංකි මෘදුකාංගය සම්පූර්න ඡයා රූප නිර්මාන කිරීමේ මෘදුකාංගයකි. මෙහි නිර්මානය, සංස්කරනය කිරිම් වැනි බොහෝ දැ සිදුකල හැකිය. මෙය ඔබගේ නිර්මාන කරන හැකියාව ඉහල නැන්වීමට උපකාර කරනු ඇත.

3. Gimp

gimp-editsoftware

Gimp ගිම්ප් මෘදුකාංගය නොමිලේ ලබාගත් හැකි වෘත්තීමය තත්වයේ ඡයා රූප නිර්මානය කිරීමේ මෘදුකාංගයකි. මෙය බාගත කරගෙන ඔබගේ පරිඝනකයේ පිහිටුවා ගත යුතුය. මෙය Windows, Mac, සහ Linux operating systems තුල භාවිතා කල හැකි අතර ඕනැම format එකක ඡයා රූප සංස්කරනය කල හැකිය.

4. PhotoScape

photoscape-editsoftware

PhotoScape ෆොටෝස්කේප් ද තවත් නොමිලයේ ලබාගත් හැකි මෘදුකාංගයකි. මෙහි ඇති භාවිතයට ඉතා පහසු මෙවලම් යොදාගෙන නවකයන්ත උවද ඡායා රූප සංස්කරනය කල හැකිය.
ඔබගේ සංස්කරනයන් පහසු කරවීමට කලින් නිර්මානය කර තබාගත් හැකි presets ද මෙහි නිර්මානය කර ගත හැකි අතර් තවත් බොහෝ සංස්කරන සහ නිර්මාන පහසුකම් මෙම මෘදුකාංගයෙන් ලබා ගත් හැකිය.

5. Fotor

fotor-editsoftware

Fotor ෆොටෝර් මෙයත් ඉතා ප්‍රසිද්ධ cloud-based ඡායා රූප නිර්මානය කිරීමේ මෘදුකාංගයකි. භාවිතයට පහසු ආකාරයට පැමිනෙන මෙය යොදාගෙන උසස් නිමාවන් ඔබගේ ඡායා රූප සංස්කරනය සහ නිර්මානයන් කර ගත හැකිය.
මෙහි නිර්මානය කරන ඔබගේ ඡයා රූප ඒ තුලම ගබඩා කිරීමටත් ඔබට අවශ්‍ය ඕනැම විටක ඕනැම පරිඝනකයකින් ඇතුලත් වී ඔබ නතර කල ස්ථානයකින් නැවත සංස්කරනය ඇරඹීමත් සිදුකල හැකිය.

6. Pixlr Editor

pixlr-editsoftware

Pixlr Editor පික්ස්ලර් මෘදුකාංගය අන්තර්ජාලයේ මේන්ම ඔබගේ පරිඝනකයට සහ ඔබගේ දුරකථනයටද බාගතකරගත හැකි මෘදුකාංගයකි. මෙය භාවිතයෙන් ද පහසුවෙන් ඔබට ඡායා රූප සංස්කරනය කර ගත හැකිය.

7. Aviary

aviary-editsoftware

Aviary ඒවියරි හෝ අවියරි මෘදුකාංගය භාවිතා කර ඉතා පහ්සුවෙන් මෙන්ම ඉතා සියුම්ව ඔබගේ ඡායා රූප සංස්කරනය කර ගත හැකිය. මෙය ඇඩෝබි Adobe අනුසාරයෙන් නිර්මානය කර ඇති මෘදුකාංගයකි.

8. Paint.NET

paint-net-editsoftware

Paint.NET පේන්ට්. නෙට් ඉතාමත් සරල එමෙන්ම පහසු මෙවලම් බොහෝමයකින් සම්පූර්න මෘදුකාංගයකි. මෙය භාවිතා කරගනිමින් ඔබගේ නිර්මානශීලීත්වයෙන් ඉහල ප්‍රථිපල අත්කර ගත හැකිය.

9. On1 Effects

on-one-editsoftware

On1 Effects ඔන් වන් ඉෆෙක්ට් මෘදුකාංගය නොමිලයේ සහ මුදල්ගෙවා ලබාගත් හැකි සම්පූරන පහසුකම් ඇති Photo Editing Software මෘදුකාංගයකි. මෙයද පහසුවෙන්ම ඔබගේ පරිඝනකයට බාගතකරගෙන ස්ථාපනය කරගත හැකි අතර මෙය Photoshop, Lightroom, සහ Aperture වැනි මෘදුකාංගය සදහාද සහය දක්වයි.

10. Snappa

snappa-editsoftware

Snappa ස්නැපා මෘදුකාංගය වඩාත්ම සුදුසු ඔබගේ සමජජාලා ඡයා රූප සංස්කරනය සදහාය. මෙය භාවිතා කර පහසුවෙන් ඔබගේ ඡායා රූප වල ප්‍රමානයන්, effects සහ තවත් බොහෝ නිර්මාන කල හැකිය.

11. PortraitPro

portrait-pro-editsoftware

PortraitPro පෝට්‍රියට් ප්‍රෝ මෘදුකාංගය පුද්ගල ඡායාරූප සංස්කරනය සදහා ඇති වෘත්තීමය මෘදුකාංගයකි. මෙය භාවිතාකරමින් සමේ වර්ණ, රැලි, සෙවනැලි සහ අනෙකුත් මුහුනු සංස්කරනයන් ඉතා පහ්සුවෙන් කල හැකිය.

12. Inkscape

inkspace-editsoftware

Inkscape ඉන්ක්ස්කේප් මෘදුකාංගය ඡායා රූප සංස්කරනයට අවශ්‍යය උපාංග විශාල ප්‍රමානයක් ඇති නොමිලේ භාවිතා කල හැකි මෘදුකාංගයකි. මෙය භාවිතා කර බොහෝ සංස්කරනයන් ප්‍රමානයක් කල හැකි අතර සැම format එකකම ඡායා රූප සදහා යොදාගත හැකිය.

13. Adobe Lightroom

adobe-lightroom-editsoftware

Adobe Lightroom ඇඩෝබි ලයිට් රූම් මෘදුකාංගය ඡායා රූප ශිල්පීන් අතර වඩාත්ම ප්‍රචලිත මෘදුකාංගය කිවහොත් නිවැරදිය. බොහෝ උපාංග සහ සංස්කරන විදි ඇතුලත් මෙයද සැම Format එකකම ඡායා රූප සදහා යොදාගත හැකිය.
මෙයද ඔබගේ ඡයා රූප ඒ තුලම ගබඩා කිරීමටත් ඔබට අවශ්‍ය ඕනැම විටක ඕනැම පරිඝනකයකින් ඇතුලත් වී ඔබ නතර කල ස්ථානයකින් නැවත සංස්කරනය ඇරඹීමත් සිදුකල හැකි ආකාරයේ මෘදුකාංගයකි.
මේ වෘත්තීමය මට්ටමේ නිර්මාන සදහා Presets විශාල ප්‍රමානයක් මෙම අඩවියන් ගෙන් ලබාගත හැකිය.

  1. Digital Photography School Presets
  2. MCP Actions Presets
  3. Beart Presets
  4. Sleeklens Presets

14. DxO Optics Pro 10

dxo-editsoftware

DxO Optics Pro 10 ඩි එක්ස් ඕ ඔප්ටික්ස් ප්‍රෝ 10 සැම පරිඝනකයකම භාවිතා කල හැකි මෙම මෘදුකාංගය ඔබගේ RAW ඡායා රූප JPG කිරීම සදහා යොදාගත හැකි අතර මෙය යොදාගෙන ආලෝක පාලනයන් ඉතා හොදින් සිදු කර ගත හැකිය.

මෙම Photo Editing Software ඡායා රූප සංස්කරන මෘදුකාංග ලැයිස්තුව සම්පූර්නම නොවුනත් මෙම ලැයිස්තුව ඔබගේ අවශ්‍යතාවයට සුදුසුම මෘදුකාංග පහසු වෙනු ඇතැයි මා බලෝපොරොත්තු වෙමි.

ඡායා රූප නිර්මානය සහ සංස්කරනය කිරීම සදහා ඔබට ඔබගේ ඡායා රූප සදහා සංයුති නියමයන්, නිරාවරණය වැනි ලිපිද වැදගත් විය හැකිය.

ඔබත් මෙම මෘදුකාංග භාවිතා කරනවාද? එසේත් නොමැතිනම් වෙන යම් මෘදුකාංග යොදා ගන්නේද? යන්න පහත කොමන්ට් තුලින් එක් කරන්න.

Leave a comment

Your email address will not be published. Required fields are marked *